🚨| Johnny Depp reportedly open to working with Disney again
ජොනී ඩෙප් නැවතත් ඩිස්නි සමඟ වැඩ කිරීමට සූදානම් සහ කැමැත්තෙන් සිටින බවට වාර්තා වෙනවා. ඩෙප් සමඟ සමීප insider කෙනෙකු විසින් ඩිස්නි සමඟ නැවත එක්වීමක් ගැන People මැගසින් එක සමඟ අදහස් දක්වා තිබුනේ
“Anything is possible, If it’s the right project, he’ll do it (ඕනෙම දෙයක් වෙන්න පුළුවන්, ඒක හරි ව්‍යාපෘතියක් නම් එයා ඒක කරයි.)”
යනුවෙනි
Depp ගේ පැත්තෙන් මෙම පුවත පැමිණෙන්නේ Disney Studio Motion Picture Production සභාපති Sean Bailey විසින් Pirates of the Caribbean මීලඟ චිත්‍රපටය ගැන අදහස් දක්වා මසකට පසු වීමද විශේෂත්වයක්, චිත්‍රපට මාලාවේ මීළඟ චිත්‍රපටය සමඟ ඉදිරියට යාමට චිත්‍රාගාරය සූදානම්ව ඇති බවත් ඩෙප් විසින් ප්‍රසිද්ධ මුහුදු කොල්ලකරුවන්ගේ චරිතය වන කැප්ටන් ජැක් ස්පැරෝ ලෙස නායකත්වය දුන් අතර මීට පෙර පැමිණි චිත්‍රපටවලට ගෞරව කරන හොඳ, උද්වේගකර කතාවක් අප සතුව ඇතැයි ඔවුන් විශ්වාස කරන බවත් බේලි විසින් Newyork Times වෙත අදහස් දක්වමින් පැවසීය. මෙම අදහසින් ඩිස්නි විධායකයා ඩෙප්ගේ මැදිහත්වීම ගැන සැලකිලිමත් වූ බව පෙනේ.
Pirates of the Caribbean නිෂ්පාදක Jerry Bruckheimer ඩෙප් නැවත ගෙන්වා ගැනීම ගැන අදහස් දක්වමින් ප්‍රකාශ කලේ
“මම කැමතියි ඔහු චිත්‍රපටයේ ඉන්නවාට. ඔහු මිත්‍රයෙක්, ඉතාමත් දක්ෂ නළුවෙක්. අපි කරන හැම දේකටම පුද්ගලික ජීවිතය රිංගා ගැනීම අවාසනාවක්.”
යනුවෙනි
මීට පෙර පසු ගිය වසරේ Johnny Depp විසින් ඩිස්නි සමාගම ඔහුට ඇ.ඩො මිලියන 300ක් ලබා දුන්නත් නැවත වතාවක් Captain Jack Sparrow ලෙස නොපැමිණෙන බවට ප්‍රකාශ කර තිබුනත් එහිදී Jerry Bruckheimer පවසා තිබුනේ
“අපි ඔහුට ඇ.ඩො මිලියන 301ක් ලබා දුන්නොත්”
යනුවෙනි.
Margot Robbie ප්‍රධාන චරිතය රඟදක්වන කාන්තා චරිත මූලික කරගත් Pirates of the Caribbean චිත්‍රපටයක වැඩ කටයුතු ආරම්භ කර අතර එහි තිර පිටපතේද වැඩ කටයුතු අවසන් කල මොහොතක පසු ගිය 2022 වසරේ නොවැම්බර් එම චිත්‍රපටය නවතා දැමූ බවට Margot Robbie විසින් ප්‍රකාශ කරන ලදී.
නවතා දැමූ එම චිත්‍රපටය සඳහා තිරපිටපත් 2ක් තිබුන බවටද වාර්තා වෙයි.
මොකද හිතෙන්නේ Depp ආපහු Jack විදිහට බලාගන්න පුළුවන් වෙයිද?