🎗| Johnny Depp is donating the entire $1 million settlement he received from his ex-wife Amber Heard to charitable organizations.
Depp plans to divide the settlement amount equally among five different charities, with each charity receiving $200,000. The chosen charities encompass a variety of causes, including support for ill children and the provision of secure housing for various communities.
ජොනී ඩෙප් තමාට හිටපු බිරිඳ ඇම්බර් හර්ඩ්ගෙන් ලැබුණු ගිවිසුම් ගත වන්දි මුදල් පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කරයි. ඇම්බර් වෙතින් ලැබෙන ඩොලර් මිලියනයක මෙම මුදල විවිධ පුණ්‍යායතන පහකට බෙදා හරිනු ඇති අතර එක් පුණ්‍යායතනයකට ඇමරිකානු ඩොලර් 200,000 බැගින් ලැබෙන බවට වාර්තා වෙයි. ඔහු තෝරාගෙන ඇති පුණ්‍යායතනවල රෝගී දරුවන්ට ප්‍රතිලාභ සැලසෙන අයගේ සිට විවිධ ප්‍රජාවන්ට ආරක්ෂිත නිවාස ලබා දෙන පුණ්‍යායතන දක්වා විහිදි ඇති බවට වාර්තා වෙයි. CNN වාර්තා කරන පරිදි මුදල් පරිත්‍යාග කිරීම සඳහා ජොනී ඩෙප් පුණ්‍යායතන පහක් තෝරාගෙන ඇති අතර ඒවාට Make-A-Film පදනම, The Painted Turtle, Red Feather, Marlon Brando's Tetiaroa Society පුණ්‍යායතනය සහ Amazonia Fund Alliance හෙවත් ඇමසෝනියා අරමුදල් සන්ධානය ඇතුලත් වෙයි. පුණ්‍යායතන පහෙන් එකකට ඩොලර් 200,000 බැගින් පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇති බවට වාර්තා වෙයි.
Make-A-Film යනු ජොනී ඩෙප් විසින් තෝරා ගන්නා ලද පුණ්‍යායතන වලින් එකක් වන අතර එහි ජීවිතයට තර්ජනයක් වන හෝ බරපතල රෝගාබාධ සමඟ පොරබදමින් සිටින නළුවන්, ලේඛකයින්, අධ්‍යක්ෂවරුන් සහ නිෂ්පාදකයින් සිටින අතර දෙවන පුණ්‍යායතනය වන The Painted Turtle යනු රෝගී දරුවන්ට නොමිලේ ප්‍රතිකාර ලබා දෙන සංවිධානයකි.
Red Feather යනු ආදිවාසී ප්‍රජාවන්ට නිවාස ලබා දීම සහ සංවර්ධනය කිරීමට ඇති සංවිධනයක් වන අතර ජොනී විසින් පරිත්‍යාග කරනු ලබන පස්වන පුණ්‍යායතනය වන්නේ බ්‍රසීලියානු ලාභ නොලබන සංවිධානවල ව්‍යාපෘති සඳහා මුදල් යෙදවීමට උපකාර වන Amazonia Fund Alliance වේ.
Johnny Depp සහ Amber Heard වසර කිහිපයක් පෙම් සබඳතාවයකින් පසු 2015 දී ඔවුන්ගේ ලොස් ඇන්ජලීස් නිවසේදී විවාහ වූ අතර ඇම්බර් 2016 මැයි 23 වන දින ජොනීගෙන් දික්කසාද වීමට නඩුවක් ගොනු කළ අතර ඔහුට එරෙහිව තාවකාලික තහනම් නියෝගයක් ලබා ගත්තේය. ඔවුන්ගේ සම්බන්ධය අතරතුර ජොනී තමාට ශාරීරිකව අතවර කර ඇති බවත් තමන් ගෘහස්ථ හිංසනයට ලක් වූ බවත්, එය බොහෝ විට සිදු වූයේ ඔහු මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානය කරන අතරතුර බවත් ඇය පැවසුවාය.
එයින් පසු Johnny Depp රඟදැක්වීමට තිබූ බොහෝ චිත්‍රපට වලින් ඔහුව ඉවත් කර ඔහුගෙ වෘත්තීය ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් විය.
ඩෙප් විසින් 2019 මාර්තු මාසයේදී ඇම්බර්ට එරෙහිව ඩොලර් මිලියන 50 ක අපහාස නඩුවක් ගොනු කළ අතර 2022 ජුනි මාසයේදී අපහාස නඩු විභාගය ජයගත් අතර ජොනීට ඩොලර් මිලියන 10 ක වන්දි හානි සහ ඩොලර් මිලියන 5 දණ්ඩනීය හානි ප්‍රදානය කළේය. දණ්ඩනීය හානි පසුව ඩොලර් 350,000 දක්වා අඩු කරන ලදී. ඔහු අතින්ද යම් යම් වැරදි සිදුව තිබූ බැවින් වන්දි වශයෙන් ඇම්බර්ට ඩොලර් මිලියන 2ක් පිරිනමන ලදී.
Via: CNN