ජැක් සහ රෝස් යන දෙදෙනාම ටයිටැනික් නෞකාවේ ගිලී යාමෙන් දිවි ගලවා ගත හැකිව තිබූ බව වසර 25කට පසු ජේම්ස් කැමරන් පිලිගෙන ඇත.
ටයිටැනික් අවසානයේ ජැක්ගේ ඛේදජනක මරණය සිනමා ඉතිහාසයේ වඩාත්ම ජනප්‍රිය අවසානයක් ලබාදුන් ජවනිකාවන්ගෙන් එකකි.
ජැක් රෝස්ව බේරා ගැනීමට භාවිතා කළ දොර පියන මතට ඔවුන් දෙදෙනාටම නැගීමට ඉඩ තිබියදී එම යුවලට ඛේදනීය ඉරණමක් අත්කර දුන් බව පුරා වසර විසි පහක් තිස්සේ වරින් වර යූටියුබ් වීඩියෝ , reviews ආදිය ඔස්සේ ප්‍රේක්ෂකයන් ප්‍රකාශ කර සිටියා.
ටයිටැනික් චිත්‍රපටියේ 25 වැනි සංවත්සරය ත් සමග ජේම්ස් කැමරන් National Geographic සමග එක්ව ප්‍රේක්ෂකයන්ගේ මේ මතභේදාත්මක ගැටළු වලට ගැටලූවලට පිළිතුරු ලබාදීමට ලබාදීමට සූදානම් ව සිටිනවා.
AV club වාර්තා වලට අනුව ජැක් සහ රෝස් දෙදෙනාට සර්ව සම වන ක්‍රියාදාම නළුවන් දෙදෙනෙකු සහභාගී කරගෙන ආරක්ෂිත පරිසරයක දී ජැක්ට තම ජීවිතය ගලවා ගැනීමට කිසියම් හෝ අවස්ථාවක් තිබුණේ ද යන්න පිළිබඳව ඔවුන් පර්යේෂණ පවත්වා ඇත.
පළමු ව ජැක් සහ රෝස් දෙදෙනා ම දොර මතට නැගී බේරීමට හැකියාවක් පවතීද යන්න නිදර්ශනයට උත්සාහ කල අතර එවිට පෙනී ගියේ ජීවිතාරක්ෂක බෝට්ටු පැමිණීමට පෙර දෙදෙනාම දියේ ගිලී මිය යාමේ සම්භාවිතාවය වැඩි බවයි.
මෙම පරීක්ෂණයේදී ජැක් සහ රෝස් දෙදෙනා දොර මතට නැගීමට පෙර ඔවුන් වෙහෙසවී සිටි තත්වය සැලකිල්ලට ගෙන නොමැති අතර පර්‍යේශණ කටයුතු තවත් තාත්වික කර ගැනීම සඳහා ක්‍රියාදාම නළුවන්ට ඔවුන් ජලයේ ගිලී සිටින අත්දැකීමක් ලබාදුන් බව සදහන් කර ඇත.
දෙවන වතාවේදී ඔවුන් නැවත වරක් දෙදෙනාම දොර මතට නංවා රෝස්ගේ ජීවිතාරක්ෂක ජැකට්ටුව ජැක්ට අන්දවා ඇත. එවිට දොර මත දෙදෙනාගේ ම බර සමබර වී සමතුලිත විය. පර්යේෂකයන් ගේ නිගමනයට අනුව ඔවුන්ට ජීවිතාරක්ෂක බෝට්ටු පැමිණෙන තෙක් ම දිවි ගලවා ගෙන සිටීමට හැකියාව ලැබේ.
මෙම පර්යේෂණයට අනුව ජැක්ට මීට වඩා සතුටුදායක අවසානයක් ලබාදීමට ජේම්ස් කැමරන්ට ට හැකියාවක් තිබූ බව ඔහු පිලිගෙන ඇත. නමුත් ජැක්ගෙ චරිත ස්වභාවය අනුව ඔහු තම පෙම්වතිය බේරා ගැනීම පරම් චේතනාව කොටගත් නිසා ඇය ව අපහසු තාවයට පත් නොවීමට අවසාන මොහොත තෙක් ඇයව ආරක්ෂා කල පෙම්වතෙකු බවට තමා විශ්වාස කරන බව ජේම්ස් කැමරන් පවසා ඇත.