Jai Bhim Oscar සම්මානයකට නිර්දේශ වෙලාද??

by Uvindu Rajapakshe

Jai Bhim Oscar සම්මානයකට නිර්දේශ වෙලාද??

Share

අපි ඉන්දියන් ෆිල්ම් එකකට ලියපු මුල්ම Review එක කියෙව්වෙ නැත්නම් ඔයාලා අනිවා ඒකත් කියවන්න. ඒ වගේම තමයි film එක බලලත් නැත්නම් අනිවා ඒක බලන්න

Jai bhim රිවීව් එක: https://www.facebook.com/270613594792073/posts/346248610561904/?d=n

එතකොට Jai Bhim Oscar Awards වලට Nominated වෙලාද?

නෑ නෑ ඇත්තටම එහෙම දෙයක් නම් තාම වෙලා නෑ.. හැබැයි oscars youtube channel එකේ එයාලා Jai Bhim එකේ Director ලෙ Voice Cut එකක් එක්ක video එකක් upload කරලා තියෙනවා

ඒ වීඩියො එක ඔයාලා දැක්කනම් හරි මේක කියෙව්වට පස්සෙ බලනවනම් හරි ඔයා දකී ඒ වීඩියෝ එකේ #SceneAtTheAcademy කියල තියෙනවා..

Scene at academy කියන්නෙ oscar සම්මාන වලට nominated වුන film නෙවේ Academy Awards වල Scenes at academy කියන්නෙ මොකක්හරි film එකකින් විශේෂ මාතෘකාවක්, අගය කලයුතු සිද්ධියක් ප්‍රේක්ෂකයන්ට ලබා දෙනවනම් අන්න ඒ දේ ⁣අගය කිරීමක් විදියට Oscars ලා ලබා දෙන විශේෂ ගෞරවයක්


ඒවගේ සිද්ධියක් film එකකින් නිරූපණය කරනව නම් එයාලා ඒක Youtube වගේම Academy සිනමා උළෙලෙදි ඒ film එකේ clip එකක් විකාශනය කරනවා ඒ film එකේ director ලට music producers ලට නළුවන්ට ගෞරවයක් විදියට


හැබැයි ඒකෙන් කියන්නෑ ඒ film එක Oscar වලට Nominate වෙලා කියල…
සමහර විට Nominate වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් ..
එයාලා ඒ විදියට video clip එකක් දාන්නෙ ඒ film එකට කරන විශේෂ ඇගයීමක් විදියට

හැබැයි ඉන්දියාවෙ සහ සමහර sites වල මේ ගැන වැරදි අදහසක් ඇතිවෙලා තියෙනවා වගේම මේ වෙනුවෙන් Twitter වල ලොකු campaign එකක් පවා ඇතිවෙලා තියෙනවා Jai Bhim film එක Oscar Nominated කියල..

ඒ ගැන ඉතින් දැන්ම කියන්න බෑ, හැබැයි scene at academy කියන විශේෂ ගෞරවයට නම් Jai Bhim film එක සුදුසුයි. ආයෙත් මතක් කරන්නම් සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වුන Jai Bhim film එකට අපි ලිව්ව Review එක බැලුවෙ නැත්නම් ඒකත් කියවන්න Film එක බලලා නැත්නම් අනිවා ඒකත් බලන්න