😂| Jada Pinkett Smith revealed her and Will Smith have been separated since 2016.
හොලිවුඩ් නළු විල් ස්මිත් සහ ඔහුගේ බිරිඳ ජාඩා පින්කට් ස්මිත් 2016 වසරේ සිට වෙන්ව ජීවත් වන බවත් ලෝකයාට පෙන්වීම සඳහා ඔවුන් එකට සිටින ලෙස හැසිරෙන බවත් ජාඩා පින්කට් ස්මිත් හෙළි කරයි.
ඔස්කා සම්මානලාභී ප්‍රකට හොලිවුඩ් නළු විල් ස්මිත් සහ ඔහුගේ බිරිය සිනමා නිළි ජාඩා පින්කට් වසර 7 ක් තිස්සේ ඔවුනගේ වෙන්ව ජීවත්වීම ලෝකයෙන් සඟවා තබා තිබෙන අතර මේ දක්වා රහසක් වශයෙන් පැවති එම කාරණාව ජාඩා පින්කට් මෑතකදී පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී අනාවරණය කර තිබේ.
විල් ස්මිත් හා පින්කට් යුවළ ගතවූ කාලය තුළ කිසිදු සැකයක් ඇති නොවන ආකාරයට ප්‍රසිද්ධ අවස්ථාවලට සහභාගී වෙමින් යහපත් සම්බන්ධයක් පවතින ආකාරයට මහජනතාව ඉදිරියේ රඟපා රැවටීමක් කර තිබූ බැවින් මෙම පුවත හොලිවුඩ් රසිකයින්ට කම්පනයක් ඇති කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
People සඟරාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ස්මිත්ගේ බිරිඳ ජාඩා පින්කට් මෙම රහස හෙළි කළාය. කෙසේ වෙතත් වෙන්වීමට හේතුවූ කාරණා හෙලිදරව් කිරීමට ඇය එහිදී මැළි වූවාය.
“අපිට දික්කසාද වීමට කිසිදා හේතුවක් ඇති නොවේවි කියල මුල් කාලෙදි මම සිතුවා. අපි ඕනෑම දෙයක් විසඳා ගනිමු.. කියල කථා වුණා. නමුත් මම එහෙම කළේ නැහැ. ඒ පොරොන්දුව කඩ කරන්න සිදුවුණා. අපි තවමත් ගැටලු ගැන හිතාගන්න බැරිව එක්ව ජීවිතය ගැන හදුනා ගනිමින් සිටිනවා... අපි එකිනෙකාට ගැඹුරු ආදරයක් ලබා දී තිබුණා. ඒත් ඒ අතීතය විතරයි“
2022 ඔස්කාර් සම්මාන උළෙල ආරම්භ වන විට, පිංකට්ගේ බූ ගෑ හිස ගැන විහිළුවක් කිරීම සම්බන්ධයෙන් විල් ස්මිත් එම වැඩසටහනේ නිවේදක ක්‍රිස් රොක්ට පහර දුන් අතර මෙම සිද්ධිය ඒ දිනවල මහත් කථාබහටද ලක්වූ අතර ස්මිත් හට වසර 10ට ඔස්කාර් සම්මාන උළෙල තහනම් විය.
“ඔස්කාර් සම්මාන උළෙල වන විටත් අපි වෙනම ජීවිත ගත කරමින් සිටියා..එහි සිටියේ ස්වාමිපුරුෂයා සහ භාර්යාව ලෙස නොවේ...අපි ඇත්තටම එහෙම පෙනී සිටියා පමණයි“
පසුගිය වසරේ, විල් ස්මිත් ප්‍රකට නිවේදිකා ඔප්රා වින්ෆ්‍රී සමග සංවාදයක් පැවැත්වූ අතර එහිදී කතා කළේ ඔහු සහ පින්කට් වසර ගණනාවක් තිස්සේ "තවමත් එකට" සිටීමේ රහස ගැනයි. ඔවුන් පැය ගණනක් කතා කර නොබිඳිය හැකි සම්බන්ධතාවයක් ඇති කර ගන්නේ කෙසේදැයි ජනතාවට ආදර්ශ කතා පවා කියුවේය.
මේ අනුව පෙනී යන්නේ ස්මිත් සහ ඔහුගේ ජරා බිරිඳ විශාල ආකාරයේ රංගනයක නිරතවී ඇති බවය.
ඉදිරියේදී ඔප්රා වින්ෆ්‍රී සමග ඔවුන් පවත්වන සාකච්ඡාවකදී මෙම විස්මිත ආරංචිය ගැන වැඩිදුර කරුණු හෙළිවෙතැයි අපේක්ෂා කෙරේ.
විල් ස්මිත්ගේ පෙර බිරිය වූයේ Sheree Zampino ය ඔවුන් අතර විවාහය 1992-95 කාලයේ වසර 3 ක් පැවතිණි. ඔහුගේ දෙවන බිරිය ඉහත කී ජාඩා පින්කට්ය. ඇය හා ඔහු විවාහ වූයේ මීට වසර 26 කට පෙර 1997 දීය. පළමු විවාහයෙන් පුතෙකුද දෙවන විවාහයෙන් පුතෙකු හා දියණියකද විල් ස්මිත්ට සිටී.