The Karate Kid මීළඟ චිත්‍රපටය සඳහා Jackie Chan සහ Ralph Macchio සම්බන්ධ වෙයි.

by Yashitha Bhashana

The Karate Kid මීළඟ චිත්‍රපටය සඳහා Jackie Chan සහ Ralph Macchio සම්බන්ධ වෙයි.

Share

🎬| Jackie Chan and Ralph Macchio have been cast in the new ‘The Karate Kid’ movie.

The Karate Kid reboot චිත්‍රපට මාලාවේ 2 චිත්‍රපටය සහ චිත්‍රපට මාලාවේ 6 වන චිත්‍රපටයේ චරිත සඳහා Jackie Chan සහ Ralph Macchio සම්බන්ධ වී තිබෙනවා.

Ralph Macchio විසින් The Karate Kid මුල් චිත්‍රපට ත්‍රිත්වයෙහි සහ එහි spin-off කතමාලාවක් වන Cobra Kai කතා මාලාවට Daniel LaRusso ලෙස රංගනයෙන් දායක වූ අතර Jackie Chan විසින් Mr. Han ලෙස 2010 වසරේ රිබූට් චිත්‍රපටයක් ලෙස නිකුත් වූ The Karate Kid චිත්‍රපටයටත් රංගනයෙන් දායක විය.

Rob Lieber ගේ තිර රචනයක් වන මෙහි 2වන චිත්‍රපටයේ මෙවර Macchio සහ Chan දෙදෙනාම එකට දැක ගත හැකි වනු ඇති.

එමෙන්ම මේ සමගම චීන ජාතික කරාටේ කිඩ් චරිතය සඳහා සුදුසු රංගන ශිල්පියෙක්‌ සෙවීම ආරම්භ කොට තිබෙනවා. Ralph Macchio සහ Jackie Chan එක්ව එම global casting search එක ගැන ලබා දෙන පණිවිඩය රැගත් වීඩියෝවක් මේ වන විට මුදා හැර තිබෙනවා. 👇

https://youtu.be/1MR1HPas-VA?si=94Fy7a5RTyQhJjDi

චිත්‍රපටය 2024 දෙසැම්බර් 13 වනදා නිකුත් වීමට නියමිතය.