ජැකී චෑන් ඔහුගේ දියණිය සමලිංගික විවාහයක් කරගැනීම හේතුවෙන් නිවසින් එලවා දමයි.

by The Sri COM

ජැකී චෑන් ඔහුගේ දියණිය සමලිංගික විවාහයක් කරගැනීම හේතුවෙන් නිවසින් එලවා දමයි.

Share

🏳️‍🌈| Jackie Chan abandoned his daughter cause she married a lesbian girl. 👩‍❤️‍💋‍👩🚫

ජැකී චෑන් ඔහුගේ දියණිය සමලිංගික විවාහයක් කරගැනීම හේතුවෙන් නිවසින් එලවා දමයි.

ජනප්‍රිය හොලිවුඩ් නළු ජැකී චෑන්ගේ දියණිය වන Etta Ng Chok Lam සමලිංගික (lesbian) කාන්තාවක් වන අතර ඇය සමාජ මාධ්‍ය තුල වීඩියෝ පටයක් මුදාහරිමින් පවසා ඇත්තේ
ඇගේ පියා වන ජැකී චෑන් සමලිංගික භීතිකාවක් (Homophobic) ඇති අයෙක් නිසා ඇයව සහ ඇගේ බිරිඳ වන Andy ව නිවසින් එළවූ බවයි, එහිදී තමන්ට කියා නිවසක් නොමැති වූ එටා හොංකොං හි පාලමක් යට නිදා ගත් බව පවසනවා.

මෙම සිදු වීම සිද්ද වූයේ 2018 වසරේ වන අතර නැවත මේ සම්බන්ධව කතාබහක් ඇතිව ඇත්තේ ජැකී චෑන් තම දියණිය සමඟ තමන් අතීතයේ රඟදැක්වූ චිත්‍රපට නරඹමින් ඉතා මිහිරි මොහොතක් ගත කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් මෑතකදී ප්‍රසිද්ධියට පත් වූ හෙයිනි. නමුත්, ඔහුගේ දියණිය Etta Ng Chok Lam පවසන්නේ එම වීඩියෝව ව්‍යාජ එකක් බවත්, සිය පියා සිදු කළේ ඇයව අතහැර දැමීම පමණක් බවයි.

ඇය සහ ඇගේ බිරිඳ වන Andy (Etta නිවස හැර යන විට ඇගේ පෙම්වතිය) යන දෙදෙනාම කියා සිටින්නේ එවක පටන් ජීවත් වීමට සහ උපකාර සොයා ගැනීමට ඔවුන් ජීවන අරගලයක නිරත වන බවයි.
Etta මීට පෙර කිහිප වතාවක් සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවට විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබෙනවා.

Etta තමන් සමලිංගික කාන්තාවක් බවට ප්‍රසිද්ධ කළාට පසුව, PinkNews සේවය ජැකී චෑන්ගෙන් මේ පිළිබඳව අදහස් විමසා තිබෙන අතර ඔවුන් වාර්තා කරන්නේ, “ඇය එයට කැමති නම්, ඒකට කමක් නෑ.” යනුවෙන් පමණක් ජැකී චෑන් ප්‍රකාශ කර ඇති බවයි. නමුත් ඔහුගේ දියණිය Etta පවසන ආකාරයට ඇගේ පියා වන ජැකී චෑන් සමලිංගික භීතිකාවෙන් පෙළෙන්නෙක් බවයි
නමුත් ජැකී චෑන් සමලිංගික ප්‍රජාවට විරුද්ධව කිසිඳු ආකාරයේ අදහසක් ප්‍රසිද්ධ මාධ්‍යයක මෙතෙක් ප්‍රකාශ කර නැහැ.

Etta මීට වසර ගණනාවකට පෙර ඇගේ ලිංගික නැඹුරුතාව පිළිබඳ හෙළිකර ඇතත්, පෙර කී වීඩියෝපටයේ ප්‍රසිද්ධිය හේතුවෙන් බොහෝ රසිකයන් මේ පිළිබඳව අලුතින් උනන්දු වෙමින් සිටින බවත් ඇය සහ ඇයගේ පියා ඉතාමත් ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන බවට එම රසිකයන් වරදවා වටහාගෙන ඇති බවත් එටා පවසනවා

එම වීඩියෝ පටය චෑන්ගේ නවතම චිත්‍රපටය වන Ride On (2023) හි දර්ශනයක් බව දැන් Etta Ng Chok Lam හෙළි කර තිබෙනවා. එම සිනමාපටයේ, ජැකී චෑන් සැබෑ ජීවිතයේ ඔහු හා සමාන කියදාම නළුවෙකු ලෙස රංගනයේ යෙදෙන අතර මෙම වීඩියෝ පටයේ දී චිත්‍රපටයේ ඔහුගේ චරිතයේ දියණිය සමඟ එම ක්‍රියාදාම නරඹමින් සිටිනවා.

නමුත් ඔහුගේ සැබෑ ජීවිතයේ දියණිය ඔවුන්ගේ සම්බන්ධතාවය බිඳී ගිය එකක් බවට ඇය විසින් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් ඇගේ මව වන ජැකී චෑන්ගේ බිරිඳ Elaine Ng Yi-Lei එටාගේ ප්‍රකාශයන් පිළිබඳව නොසතුටින් පසු වන බවද වාර්තා වෙනවා.

Etta තමන් නිවසින් එළවූ බවට ප්‍රකාශ කරන වීඩියෝව: https://fb.watch/p7_A57evW8/

ජෑකී චෑන්ගේ දියනිය සහ ඇගේ බිරිඳ