ඊජිප්තුවට, මධ්‍යධරණී මුහුදට සහ ඊශ්‍රායලයට මායිම්වෙලා තියෙන ගාසා තීරය ප්‍රමාණයෙන් ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයෙන් භාගයක වගේ ප්‍රමාණයක්. හරියටම කිව්වොත් වර්ග කිලෝමීටර් 365 යි. කොළඹ දිස්ත්‍රික්කයේ විශාලත්වය පමණක් වර්ග කිලෝමීටර් 699 යි.🚩
ඊශ්‍රායලයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 22,145 ක් විතර වෙනවා. හරියට බැලුවොත් ලංකාවෙන් තුනෙන් එකයි.ලංකාව වර්ග කිලෝමීටර් 65,610 යි.🇮🇱
එතකොට ඔය ජෝර්දානයට, ඊශ්‍රායලයට සහ මළ මුහුදට මායිම්වෙලා තියන බටහිර ඉවුර (West Bank) වර්ග කිලෝමීටර් 5860 ක් වගේ තියෙනවා. ලංකාවෙන් දොළහෙන් එකයි.වර්තමාන පලස්තීනය කියලත් අපට මේ කොටස හඳුනාගන්න පුළුවන්.🇵🇸
සිතියම අධ්‍යනය කරන්න. කාලෙන් කාලෙට මේ සීමා ප්‍රමාණවල යම් යම් වෙනස්කම් වෙනවා ගැටුම් එක්ක.

පසුගිය දශක දෙක තුනක කාලය බලපුවාම මේ කොටස්වල ගැටුම් නිසා මිය යන පලස්තීන වැසියන් සාපේක්ෂව ඊශ්‍රයල් වැසියනට වඩා වැඩි. 2014 තමයි අවසානයට සැලකිය යුතු ලෙස 2000 ක පමණ ඊශ්‍ර්‍යයල් ජාතිකයන් පිරිසක් මිය ගියේ.
මීට දින 4 කට පමණ අනපේක්ෂිත ලෙස එල්ල වූ හමාස් සංවිධානයේ ප්‍රහාරයෙන් ඊශ්‍රයල් ජාතිකයන් මේ වන විට 900-1000 ක් වගේ මිය ගිය බව වාර්තා වෙනවා. ඒ අතරට අනුලා නම් ශ්‍රී ලාංකික කාන්තාවත් අයත් බව සංවේගයෙන් කියන්න වෙනවා.
ගාසා තීරයේ මායිමේ සිට කිලෝමීටර 5 ක් වගේ ළඟින් තිබුණු සුපර් නෝවා සංගීත උත්සවයක සිට ඊශ්‍රායල් තරුණයන් 260 ක් පමණ හමාස් සටන් කරුවන් විසින් ඝාතනය කර ඇති බව ඊශ්‍රායල් වාර්තා කරනවා. මේ සමහර රූප රාමු ඔබ දකින්නත් ඇති.අහිංසක කාන්තාවන්, කුඩා දරුවන් මිලෙච්ච ලෙස ඝාතනය කරන අයුරු.
කොහොම වුණත් අංක එකේ බුද්ධි අංශයක් ලෙස ප්‍රසිද්ධ ඊශ්‍රායල් මොසාඩ් බුද්ධි අංශය මෙම ප්රහාරය නොදැන සිටීම යම් විමතියට කරුණක් බව නම් පැහැදිලියි. ඒ වගේම ඊශ්රයල් හමුදාවල ක්ෂණික ප්‍රතිචාර ඒකක වලට වුණත් හිතපු තරම්ම ඊශ්‍රායල් ජාතිකයන්ගේ ජීවිත බේරගන්න බැරිවෙලා තියෙනවා.
හමාස් සංවිධානය කියන විදියට ඉරානයේ සහාය මේ ප්‍රහාරයට ලැබිලා තියෙනවා.
ප්‍රශ්නේ තියෙන්නේ ඊශ්‍රායල් වලින් මෙම ප්‍රහාරයට එරෙහිව සිදු කරන counter attack එකේ ප්‍රතිඵලය මොකක් වෙයිද කියන එක.
මේ වන විට ලොව පුරා බොහෝ මුස්ලිම් රටවල් හමාස් සිදුකළ ප්‍රහාරයට සහාය පළ කරලා තියෙනවා.
එංගලන්තයේ,ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඇතැම් මුස්ලිම් ජාතිකයන් එය උත්සව ශ්‍රියෙන් සමරපු ආකාරයත් බලාගන්න පුළුවන්. මේ වගේ දේවල් වලින් පෙනනෙන්නේ නම් පලස්තීන වැසියන් වෙනුවෙන් නිදහස් රටක් ලබා දීම වෙනුවෙන් සැමරීමක් නෙමෙයි, හුදෙක් ආගමික උමතුවෙන් අන්ත වෙච්ච අවුරුදු දහස් ගානක යුදෙව් වෛරය පිරිමහන එක්තරා ආගමික උන්මන්තකයන් පිරිසක් විදියට.මේ අතර ෂියා,සුන්නි බෙදිල්ලත් තියෙනවා.
ඊශ්‍රායල් පලස්තීන ගැටුම 1948 න් පස්සේ ඊශ්‍රයල් රාජ්‍යයක් බිහි කිරීම කියන කරුණ විතරක් පාදක කරලා ලගු කරන්න බෑ. මේ ගැටලුව ඉතාම සංකීර්ණයි. අවුරුදු දෙතුන් දාහක් පස්සට ගියත් මේක ඉතාම සංකීර්ණ ගැටලුවක්.
කොහොම වුණත් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු ගාසා තීරය වෙත ලැබෙන සියලු මාර්ග වසා දැමීමට තීරණය කර තිබෙනවා. මෙය පලස්තීන වැසියන් මිලියන 2.4 ක් පමණ කොළඹ දිස්ත්‍රික්කයෙන් හරි අඩක් වගේ ප්‍රදේශයකට කොටු වීමක්.ඔවුන් කොහොමත් කොටු වෙලා වගේ තමයි සිටින්නේ.
ගාසා තීරය කියන්නේ නිරන්තරයෙන් ගැටුම් ඇතිවන කලාපයක්. මේකට ස්ථිරසාර විසදුමක් යුද්ධයෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ වගේම අපේ සහාය මෙයාලට, අපේ සහාය අරයාලට කියලා හුරේ දාන්නත් බෑ. මේක සංකීර්ණයි. හැබැයි දෙවියන්ගේ නාමයෙන් අහිංසකයන් ඝාතනය කරමින් මලෙච්ච තරස්ත්වාදි ක්‍රියා කරන හමාස් සංවිධානය සාධාරණය කරන්නත් බෑ.
ඒ වගේම බටහිර මාධ්‍ය වසන් කරන ඊශ්‍රයල් ප්‍රහාර වලින් මිය යන පලස්තීන අහිංසක උන් නොදැක්ක වගේ ඉන්නත් බෑ.හොඳම උදාහරණය උතුරේ දෙමළ අහිංසකයන් ලාංකීය හමුදා විසින් ඝාතනය කරා කියපු චැනල් ෆෝ කාරයන්ගේ ප්‍රකාශ සහ හැසිරීම.අනිත් බටහිර මාධ්‍ය හැසිරීමත් එහෙම තමයි.
ඉදිරි දින කිහිපය තීරණාත්මක එකක් වේවි. මේ ප්‍රහාරයට පරක්කු නමුත් බරපතල counter attack එකක් ඊශ්‍රයල් විසින් එල්ල කරාවි. එදාට බටහිර මාධ්‍ය මානවහිමිකම් ගැන ප්‍රශ්න නොනගාවි.ඒ වගේම රාජ්ය මට්ටමින් දරුණු යුද්ධයක් ආරම්භ වීමත් සිදු වන්න පුළුවන්.
රාජ්‍යය මට්ටමින් යුධමය තත්ත්වයක් නිර්මාණය වුණොත් එහි බලපෑම් විදියට අපේ වගේ රටවල ඉන්ධන මිල ගණන් ඉහල යාමෙන් පටන් අරන් විවිධ අංශ වලට බලපාන්න පුළුවන්.
මගේ පුද්ගලික විශ්වාසය දෙවියන්ගේ නම භාවිතා කරමින් අහිංසකයන් මිලෙච්ච ලෙස ඝාතනය කරන විමුක්තිවාදීන් කියාගන්න පිරිසකට පලස්තීන ජාතිකයන් වෙනුවෙන් නිදහස් රටක් නිර්මාණය කරන්න බෑ.
මේ ගැටලුව යුද්ධයෙන් විසඳා ගත නොහැකි එකක්.යුද්ධයට එහා ගිය සංයමයකින් කරන්න ඕන දෙයක්. එහෙම දෙයක් මේ සියවසේ වෙයිද කියන එක නම් ප්‍රශ්ණයක්
✍️Admin: Pasindu Herath • ශ්‍රී කොම්