අන්තර්ජාතික සජීවීකරණ දිනය

by Yashitha Bhashana

අන්තර්ජාතික සජීවීකරණ දිනය

Share

අද අපි Sri COM at 7 සෙග්මන්ට් එකෙන් කතා කරන්න යන්නේ අදට යෙදී තියෙන “අන්තර්ජාතික සජීවීකරණ දිනය” එහෙමත් නැත්තන් International Animation Day ගැන.

“Animation කියන්නේ කාටූන් හදන එකම නෙවෙයි. ඒක තවත් ජීවිතයක් හැදීම ගැන දෙයක්.”

ඔයාට වයස කීයක් වුනත් ඔයාගේ සජීවී ජීවිතය ඇතුලෙත් සජීවීකරණය වුනු ජීවිතයක් අනිවාර්යයෙන්ම ඇති. ඉතින් ඒ ජීවිතය සමරන දවස, නැත්නම් International Animation Day (IAD) එක අද ඔක්තෝම්බර් 28 වැනිදාට යෙදෙනවා.

International Animated Film Association (ASIFA) විසින් 2002 අවුරුද්දේදී, ඔක්තෝම්බර් 28 වැනිදා අන්තර්ජාතික සජීවීකරණ දිනය සැමරීමට වෙන් කරනවා. ඒ 1892 දී මේ දිනයේම ප්‍රංශ නිර්මාණ කරුවෙකු වුනු Émile Reynaud විසින් චලන පින්තූර මගින් සජීවීකරණ පටයක් පෙන්විය හැකි “Theatre Optique” නම් නිර්මාණයක් එළිදැක්වීම සංකේතවත් කරන්නයි. අතින් චලනය කිරීමෙන් පටන් ගත්තු සජීවීකරණ නිර්මාණ මේ වෙනකොට තාක්ෂණයත් එක්ක ලොකු දියුණුවක් ලබලා තියෙනවා.

ලෝකයේ පළමු සජීවීකරණ චිත්‍රපටය ලෙස හඳුන්වන්නේ 1908 දී Émile Reynard විසින්ම ඔහුගේ නව නිපැයුමෙන්ම එළිදැක්වුනු “Fantasmagorie” චිත්‍රපටියයි. කටු සටහන් කීපයකින් ආරම්භ වුනු ඒ ගමන අද අපේ ජීවිත වලට කොච්චර කිට්ටු වෙලාද කියලා පුදුමත් ඇති. වෝල්ට් ඩිස්නි කියන විදියට මිනිසාට ලඟා කරන්න පුලුවන් උපරිම පරිකල්පිත දේත් විස්තර කරන්න පුලුවන් එකම මාධ්‍යය තමයි මේ animation කියන්නේ. ඒ වගේම වයස් බේදයකින් තොරව ලෝකයේ ඕනම කෙනෙක් රසවිඳින, ආදරය කරන, අදහස් බෙදා ගන්න පුලුවන් එකම මාධ්‍ය‍යත් මේ animation තමයි. හරියටම ගත්තොත් animation කියන්නේ අපි හැම දෙනෙක්ම එකට එකතු කරන්න පුලුවන් අපේ නොවෙන ලෝකයක් වගේ දේකට.

ලෝකයේ වගේම අපේ රටේත් සජීවීකරණ නිර්මාණ වල දියුණුවක් ඇති වෙමින් තියෙනවා. විදේශීය සජීවීකරණ චිත්‍රපටි හා කතාමාලා හඬ කවලා රසවිඳපු අපිට, අපේම නිර්මාණයක් රසවිඳින්න අවස්ථාවක් පහුගිය මේ අවුරුද්දේ අපිට ලැබුණා. ඒ තමයි ගජමෑන්. සජීවීකරණ ලෝකයේ බොහෝමයක් රටවල හිතන්නවත් බැරි තරම් දුර ගිහින් තියෙද්දි පළවෙනිම වතාවට ලංකාවත් ඒ අංශයෙන් ඉස්සරහට ඒවි කියන පොඩි බලාපොරොත්තුවක් තමයි ඒ. ගජමෑන් ගැනත් පොඩි fact එකක් කිව්වොත් ගජමෑන් චිත්‍රපටය render වෙන්නම වසර 3ක කාලයක් ගත වෙලා තියෙනවා.

භාෂාවකින්, සංස්කෘතියකින්, කාලයකින් වෙන් නොවුනු, අපිව කවුරුත් විනිශ්චය නොකරන මේ සජීවීකරණ ලෝකය නිර්මාණය කරන සහ රසවිඳින ඔයාලගේ තමයි අද මේ දවස. ඉතින් International Animation Day එක සමරන අද දවසේ ඔයාගේ ජීවිතයේ ඉන්න ඔයා කැමතිම ඒ සජීවීකරණය චරිතය කවුද සහ ඔයා කැමතිම සජීවීකරණ චිත්‍රපටය, කතාමාලාව, කාටුන් එක මොකක්ද කියලා පහලින් අපිට කියන්නත් අමතක කරන්න එපා.

“Animation is a way to bring stories to life.”
- Koji Yamamura-

✍️Admin: විශ්ව ජයසංඛ | ශ්‍රීමාල්