Moose ගැන නොදත් දේවල්..

by Yashitha Bhashana

Moose ගැන නොදත් දේවල්..

Share

"මූස්" කෙනෙක් අපි හිතනවට වඩා සෑහෙන්න විශාලයි කියලා මේ ඡායාරූප වලින් තේරුම් ගන්න පුලුවන්. මූස්ට සිංහලෙන් කියන විශේෂ නමක් ගැන නම් දන්නේ නැහැ.

බයිසන් ගවයා හැරුණුකොට උතුරු ඇමරිකාවේ විශාලතම සහ උසම,බරින් වැඩිම සත්වයා තමයි මූස් කියන්නේ.

සාමාන්‍යයෙන් විශාලම මූස්ලා ඉන්නේ ඇලස්කාවේ. උසීන් අඩි 7 ඉක්මවූ,බරින් 800kg කට වැඩි, අඩි 5 කට වඩා පළල් විශාල අං තට්ටුවක් සහිත මුස් සතෙක් රාත්‍රියක එකවර දුටුවොත් යම් කිසි බියක් ඇති වන්නත් පුළුවන්.

වාර්තා වෙලා ගිනස් පොතට ඇතුලත් වූ විශාලතම ඇලස්කා මුස්ව 1897 ඝාතනය කරනකොට උසින් අඩි 7'6" (2.33m), බර 820 kg සහ අන්තට්ටුව අඩි 6'3" ක් වෙලා තියෙනවා.

පළල්ම අං තට්ටුවක් වාර්තා වෙලා තියෙන්නේ 1998 දී අඩි 6'10" ක් විදියට. මුස්ලා උත්තර ධ්‍රැවය කේන්ද්‍ර කරගෙන වාසය කරන මුවන්ගේ විශේෂයටම අයත් ශාකවලින් යැපෙන සත්ව කොටසක්. අපි නොදන්නවා වුණාට අඩ් 10' ට වඩා උසින් යුත්ක මුස්ලා වුණත් උතුරුකරයේ මිනිස් ඇසින් වහන් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්.

✍️ Admin: Pasindu Herath