💀| Indian fans claims Mission Impossible 7 copied Pathaan scenes.
ටොම් කෲස් රංගනයෙන් දායක වන නිකුත් වීමට නියමිත Mission Impossible 7 චිත්‍රපටය ශාරුක් ඛාන්ගේ Pathaan චිත්‍රපටයෙන් කොපි කර ඇති බවට ඉන්දියානු රසිකයන් චෝදනා කරයි.
පසු ගියදා නිකුත් වූ ටොම් කෲස් රංගනයෙන් දායක වන Mission Impossible චිත්‍රපට මාලාවේ 7 වන චිත්‍රපටය වන Mission: Impossible – Dead Reckoning Part One චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වූ පසු ඉන්දියානු රසිකයන් විසින් එහි ඇති දුම් රියක ඇති සටන් ජවනිකා ශාරුක් ඛාන් රංගනයෙන් දායක වූ Pathaan චිත්‍රපටයෙන් කොපි කර ඇති බවට චෝදනා කරනවා. ඉන්දියාවේ පමණක් නොව ශ්‍රි ලංකාවේද සම හරක් භාරත සිනමා රසිකයන්ද සමාජ මාධ්‍ය ඔස්සේ එය අනුමත කරමින් අදහස් පළ කර සිටියා.
කෙසේ වෙතත් ඉන්දියානු රසිකයන්ද සමාජමාධ්‍ය තුල ශාරුක් ඛාන්ගේ රසිකයන්ව troll කරන ආකාරය දැකගන්නට ලැබුනු අතර Twitter හරහා එක් ඉන්දියානුවෙක් විසින් Pathaan චිත්‍රපටය Hollywood, තෙළිඟු, දමිළ ඇතුලු චිත්‍රපට 25කින් පමණ කොපි කර ඇති බවට සාක්ශි සමඟම වීඩියෝ පටයක් මුදා හැර තිබෙනවා. (එම වීඩියෝ පටයේ ලින්ක් එක: https://fb.watch/kFIJnhNJc9/?mibextid=qC1gEa)
Pataan චිත්‍රපටයේ නිශ්පාදන කටයුතු සඳහා ඇ.ඩො මිලියන 28ක් පමණ වැය වී ඇති අතර සමස්ත ආදායම ඇ.ඩො මිලියන 130ක අදායමක් ලබාගෙන ඇත. Mission Impossible 7 චිත්‍රපටයේ නිශ්පාදන කටයුතු සඳහා ඇ.ඩො මිලියන 290ක් පමණ වැය වී ඇති අතර box office විචාරකයන්ගේ අදහස වන්නේ චිත්‍රපටය නිකුත් කරන පළමු සති අන්තයේදී පමණක් ආදායම ඇ.ඩො මිලියන 70-75 ත් අතර ප්‍රමාණයක් වාර්තා කරන බවයි. චිත්‍රපටය ජූලි 12 වනදා ලොව පුරා සිනමාශාලාවලට නිකුත් වීමට නියමිතයි.