සඳ මතට යානයක් ගොඩබැස්වූ සිව්වන රට ලෙස ඉන්දියාව ඉතිහාසගත වෙයි.

by Yashitha Bhashana

සඳ මතට යානයක් ගොඩබැස්වූ සිව්වන රට ලෙස ඉන්දියාව ඉතිහාසගත වෙයි.

Share

🇮🇳| India becomes the fourth country ever to land a spacecraft on the moon. 🇮🇳🚀🌖

සඳෙහි දක්ෂිණ ධ්‍රැවය වෙත යානයක් ගොඩබැස්වූ පළමු රට සහ සඳමතට යානයක් ගොඩබැස්වූ සිව්වන රට ලෙස ඉන්දියාව ඉතිහාසගත වෙයි.

ඉන්දියාව සඳ මතට චන්ද්‍ර යානයක් ගොඩබැස්වූ සිව් වන රට බවට පත්කරමින් චන්ද්‍රයාන් 3 අද (23) පස්වරුවේ සඳෙහි දකුණු ධ්‍රැව ප්‍රදේශයට ගොඩ බස්වා තිබෙනවා. ඒ අනුව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, පස්වරු 6.04 ට පමණ එය ගොඩබැස්වීම සිදුකළ බවයි. එසේම සඳේ දක්ෂිණ ධ්‍රැවය වෙත යානයක් ගොඩබැස්වූ පළමු රට ලෙසද ඉන්දියාව ඉතිහාසයට එක් වනවා.