මිශන් ඉම්පොසිබල් ලෝකයේ එන IMF ගැන දැනගමු.

by Yashitha Bhashana

මිශන් ඉම්පොසිබල් ලෝකයේ එන IMF ගැන දැනගමු.

Share

IMF - Impossible Mission Force 🌐

Hi හැමෝටම 👋 අද කතා කරන්න ආවේ IMF එක ගැන. නෑ නෑ ණය ගන්න තැන තැන නෙවෙයි. දැනට ලෝකයේ සාර්ථකම movie franchises වලින් එකක් වෙන Mission Impossible franchise එකේ අපිට දකින්න ලැබෙන organization එක ගැන.

⚪ Introduction

IMF කියන එකෙන් අදහස් වෙන්නේ Impossible Mission Force කියන එක. දක්කමනම් හරි සිම්පල් නමක් වගේ. මේක fictional organization එකක්. ඒ කියන්නේ මේක ඇත්ත ලෝකයේ ක්‍රියාත්මක වෙන organization එකක් නෙවෙයි. Franchise එක වෙනුවෙන්ම හදපු එකක්. ඇත්ත ලෝකයේ අපිට දකින්න ලැබෙන IMF එක තමයි අපි මේ දවස් වල ණය ගන්න International Monetary Fund එක.

IMF එක United States government එක යටතේ ඍජුවම ක්‍රියාත්මක වෙන සංවිධානයක්. සාමාන්‍යයෙන් රට අභ්‍යන්තයේ ඇති වෙන ගැටළු විසඳන FBI එකට, විසඳන්න අපහසු සංකීර්ණ ගැටළු විසඳන්නට වගේම ඇමරිකාවේ ප්‍රධානම ඔත්තු සේවාව වෙන CIA එකට පවා මැදිහත් වෙන්න අමාරු සංවේදී කාරණා, අන්තර්ජාතික දේශපාලන ගැටළු රහසිගතව විසඳන්න ඇමරිකානු රජය විසින් ඍජුවම, රහසිගතව පවත්වාගෙන යන සංවිධානයක් තමයි IMF එක කියන්නේ. ඇමරිකානු රජය යටතේ ක්‍රියාත්මක වුණත් ලෝකයේ ඕනෑම තැනක මෙහෙයුම් දියත් කරන්න IMF එකට බලයක් ලබා දීලා තියෙනවා වගේම, ඒ මෙහෙයුම් වලදී වෙන හානි වලට ක්‍රියාමාර්ග ගන්නත්, අවශ්‍ය වෙලාවල් වලදී agent ලාව back කරන්නත් ඇමරිකානු රජය පියවර ගන්නවා. IMF එක ආරම්භයේ ඉඳන් මේ වෙනතුරු සිදු කරපු මෙහෙයුම් වල විස්තර එළි වුණොත් හරි, අඩුම IMF සංවිධානය ගැන එළි වුණොත් හරි එක්සත් ජනපදය, United Nations වලින් ඉවත් කරන වගේම Pariah state එකට, ඒ කියන්නේ අනෙකුත් රටවල් වලින් නොසලකා හරින ලද රටක් විදියට නම් කරන්න වුණත් පුළුවන් කියලයි සඳහන් වෙන්නේ. අපි එහෙනම් මේ සංවිධානයේ origin එක ගැන බලමු.

⚪ Origin

අපි ඉස්සෙල්ලම IMF වල fictional origin එක ගැන බලමු. ඒකට අපිට ටිකක් පිටිපස්සට යන්න වෙනවා. ගොඩක් අය බලලා තියෙන්නේ Mission Impossible movie series එක විතරක් වෙන්න ඇති. Opening credits වල, movies inspire වෙලා තියෙන්නේ Mission Impossible නමින්ම නිකුත් වුණු series එකකින් කියලා සමහර විට දැකලා ඇති. IMF එක ඇතුළු Mission Impossible universe එක ආරම්භ වෙන්නේ, Bruce Geller නම් අධ්‍යක්ෂකවරයා විසින් නිර්මණය කෙරුණු 1966 දී විකාශනය ආරම්භ වුණු Mission Impossible කතා මාලාවෙන්. Series එක ගැන අපි තව ටිකකින් බලමු. දැනට අපි origin එක ගැන බලමු.

IMF එක නිර්මාණය කරන්නේ Jim Phelps විසින් 1940 වගේ කාලයකදී. හිටපු CIA නිලධාරියෙක් වුණු Phelps, ජනාධිපතිවරයාගෙන් කෙලින්ම ලැබුණු ඉල්ලීමක් අනුව, ඉතා රහසිගත මෙහෙයුම් සිදු කරන්න IMF එක නිර්මාණය කරනවා. IMF වල පළවෙනි director වගේම පළවෙනි field team leader වෙන්නෙත් Phelps. ඒ කාලයේ හමුදා අංශ වල වගේම බුද්ධි අංශ වලත් දක්ෂතම නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් තමයි Phelps ගේ කණ්ඩායම සමන්විත වෙලා තියෙන්නේ. මුල් කාලයේදී ඔවුන්ට පැවරුණු මෙහෙයුම් cold war එකට සම්බන්ධ ඒවා.

Brune Heller ට IMF එක නිර්මාණය කරන්න අදහස ඇවිත් තියෙන්නේ 1962 දී නිකුත් වුණු 'The Spy Who Came in from the Cold' චිත්‍රපටය නැරඹීමෙන් පස්සෙයි. ඊටත් වඩා action-packed වුණු spy show එකක් හදන්න Bruce Heller ට ආපු idea එක තමයි මේ වෙනකොට සාර්ථකම franchise එකක් වෙන්න පාදක වෙලා තියෙන්නේ.

⚪ Series

අපි එහෙනම් දැන් series එක දිහාවට පොඩ්ඩක් හැරෙමු. Movie series එකට ගොඩ කාලෙකට කලින් විකාශනය වුණ නිසාත් movies නරඹන්න පහසුව නිසාත් ගොඩක් අය series එකේ events non-canon විදියට තමයි ගන්නේ.

1996 - 1973 කාලය තුළ seasons 7 කින් series එක විකාශනය වෙනවා. ඒ වගේම 1988 දී තවත් seasons 2 කට series එක revive වෙනවා. මේ සම්පූර්ණ කාලය ඇතුලත members ලා ගොඩ දෙනෙක් IMF එකට ඇතුළත් වෙනවා වගේම ඉවත් වෙනවා. Jim Phelps ඇතුළු කිහිප දෙනෙක් විතරයි series එක අවසාන වෙන තුරු අපිට බලාගන්න පුළුවන්.

IMF එක series එකේදී ගොඩක් missions complete කළාට IMF එකට වදයක් වුණු තවත් organization එකක් හිටියා. ඒ තමයි අපි දන්න Syndicate කියන terrorist organization එක. Syndicate එක අපිට දැන ගන්න ලැබෙන්නේ Mission Impossible: Rogue Nation movie එකෙන්. ඒත් මේ organization එක series එක කාලේ ඉඳන්ම තිබුණු එකක්. ඉතින් මේ IMF එකේ rival organization එක වුණු Syndicate එක විසින් 1994 දී Phelps ව kidnap කරනවා. ඒ වෙනුවට Syndicate member කෙනෙක් වෙන Roderick Quinn, Phelps ව replace කරනවා. මේ event එක non-canon එකක්. ඒත් Mission Impossible පළවෙනි movie එකට පාදක වෙන්නේ මේ event එක.

මේ replace කරපු Phelps තමයි අපිට Mission Impossible පළවෙනි movie එකේදී බලාගන්න වෙන්නේ. Series එක නොබලපු කෙනෙක් ඉන්නවානම් ඔවුන්ට ගැටලුවක් නොවෙන්නයි, series එක බලපූ, kidnap event එක miss වුණු කෙනෙක් ඉන්නවානම්, IMF founder කෙනෙක් වුණු Phelps ගේ මේ ක්‍රියාකලාපය ගැන ඔවුන්ට ගැටලුවක් එන්න පුළුවන් නිසා තමයි tv series එක movie series එකට non-canon විදියට අරගන්න කියලා තියෙන්නේ. කොහොමහරි IMF එකට අලුත් member කෙනෙක් වුණු Ethan Hunt, Phelps ව father figure එකක් විදියට mentor කරගෙන හිටපු කෙනෙක්. MI, පළවෙනි චිත්‍රපටයේ Replaced Phelps ගේ Syndicate mission එක ඔයාලට බලාගන්න පුළුවන්.

⚪ Personnel

කලිනුත් කිව්වා වගේ IMF එකට බඳවා ගන්නේ ආරක්ෂක අංශ වල වගේම ඔත්තු සේවා, ෆෙඩරල් ආයතන වල දක්ෂතම නිලධාරීන්. ඔත්තු බැලීම්, වෙස් වළා ගැනීම්, ආයුධ හැසිරීම්, සටන් වලට මොවුන් ඉතාම දක්ෂයි. ඒ වගේම IMF එක ඉතා දියුණු තාක්ෂණික ක්‍රම පාවිච්චි කිරීමට ප්‍රසිද්ධයි. ඒවා හසුරවන්නත් ඔවුන් යොදා ගන්නේ දක්ෂම තාක්ෂණික නිලධාරීන්. MI movie franchise එකේ අපි දැකපු Benji ඒ වගේ කෙනෙක්. පොදුවේ IMF members ලාගේ status එක මේ විදියට පෙන්නන්න පුළුවන්.

▫️Caught: සතුරාට හසු වුනත් අවසානයේදී mission එක සාර්ථක කරගත් agent කෙනෙක්.

▫️Defected: සතුරු පාර්ශවය වෙත පැති මාරු කළ agent කෙනෙක්. ඔවුන් පසුව Disavowed ගණයට ඇතුළත් කරනවා. මේ status එකේ ඉන්න agent කෙනෙක් hunt down කරන්න organization එක විශාල උත්සාහයක් ගන්නවා. මොකද ඔවුන්ට විශාල පුහුණුවක් වගේම organization එකේ බුද්ධි තොරතුරුත් ඔවුන් ළඟ තියෙන්න පුළුවන්. ඒ වගේ member කෙනෙක් එළියේ සිටීම organization එකට වගේම අනිත් members ලටත් ලොකු තර්ජනයක්.

▫️Disavowed: මෙහයුම සාර්ථක කර ගැනීමට නොහැකි වුණු හෝ සතුරන්ට හසුවී සොයා ගත නොහැකි හෝ මරා දැමුණු අය මේ යටතට ගැනෙනවා. මීට අමතරව IMF පාලන අධිකාරිය සමග ගැටළු ඇති කර ගන්නා අයත් තාවකාලිකව හෝ නිල වශයෙන්ම මේ යටතට එක් කරනවා. Ethan Hunt ඇතුළු කණ්ඩායම විවිධ හේතු නිසා අවස්ථා කීපයකදීම මේ status එකේ ඉඳලා තියෙනවා.
මේ status එකේදී agent කෙනෙක්ට ලැබෙන වරප්‍රසාද සියල්ලම වගේ අහිමි වී යනවා. Satellite usage, safe house access, support access වගේ සියලුම පහසුකම් ඔවුන්ගෙන් ඉවත් කරනවා.

▫️Reinstated: නැවත කැඳවූ Disavowed agents ලා තමයි මේ විදියට හඳුන්වන්නේ. සතුරන්ට හසුවී සිට නැවත බේරා ගත් අය වගේම තාවකාලිකව Disavowed වී සිටි agents ලා මේ යටතට ගැනෙනවා. මොවුන් ගැන විශේෂ අවධායකින් තමයි IMF එක ක්‍රියා කරන්නේ.

▫️Injured: මෙහෙයුම් අතරතුර තුවාල සිදුවුණු හෝ වෛද්‍ය සහාය අවශ්‍ය අය.

▫️KIA: Killed In Action හෝ මෙහෙයුම් අතර තුර මරණයට පත් වන අය.

⚪ Ghost Protocol

රාජ්‍යතාන්ත්‍රික මට්ටමට තර්ජනයක් ඇති වෙන්න පුළුවන් මෙහෙයුමක් අසාර්ථක වුණොත් ජනාධිපතිවරයා විසින් fail-safe පියවරක් විදියට මුළු IMF එකම Disavowed status එකට යොමු කරනවා. එහෙම නැත්නම් shut down කරනවා. මේ අවස්ථාවේදී කිසිම member කෙනෙකුට IMF වල කිසිම පහසුකමක් ලැබෙන්නේ නෑ. Satellite access, safe house access, extraction support කිසිම දෙයක් ලැබෙන්නේ නෑ. MI: Ghost Protocol movie එකේදී රුසියානු ජනාධිපතිවරයා ඝාතනය කිරීමෙන් සැලසුමක් නවත්වන්න උත්සාහ කරපු IMF මෙහෙයුමක් එළි වුණු නිසා Ghost Protocol එක ක්‍රියාත්මක කරපු විධිය ඔයාලට බලාගන්න පුළුවන්.

⚪ Directors

Movie series එකේදී නම් මේක ටිකක් පැටලිලි සහගතයි. මොකද MI: Dead Reckoning Part One එකත් ඇතුළුව franchise එකේ ගොඩක් movies වල plot twist එකක් වෙන්නේ director කෙනෙක්ගේ මරණයක් හෝ පැති මාරු කිරීමක්. ඉතින් මොන director කාත් එක්ක වඩා කරනවද කියන එක හොයා ගන්න ටිකක් අමාරුයි. Timeline එක අනුව ගත්තොත්,

(1940-1996) - Jim Phelps, Dan Briggs
IMF founding member කෙනෙක් වුණු Jim Phelps ව ඔයාලා දැන් දන්නවනේ. IMF එකේ මුල් කාලයේ director වෙන්නේ Phelps. ඊට අමතරව ඒ කාලයේම Dan Briggs, director position එකේ ඉඳලා තියෙනවා.

(1996-2011) - Eugene Kittridge
MI මුල් movies 3 director වෙන්නේ Kittridge. මෙයා Hunt එක්ක වැඩිය හිත හොඳින් හිටපු කෙනෙක් නෙවෙයි. ඒක නිසාම Hunt ට කීප වතාවක්ම අණ පිළි නොපදීම නිසා Disavowed වෙන්න සිද්ධ වුණා. Dead Reckoning Part One එකේදිත් මෙයාව ආපහු අපිට බලාගන්න පුළුවන්. ඒත් ඒ IMF director විදියට නෙවෙයි. US security council එකේ කෙනෙක් විදියට. මෙයා Dead Reckoning story එකේ ලොකු කොටසක් කරනවා.

2011 - Tom Wikinson
2011 වෙද්දී IMF director වෙන්නේ මෙයා. Ghost Protocol status එකේදී මෙයාව Russian terrorist කෙනෙක් වෙන Kurt Hendricks අතින් මරණයට පත් වෙනවා.

(2011-2018) - Alan Hunley
2011 දී IMF එක Ghost Protocol status එකට දැමීමත් සමග Wikinson මරණයට පත් වුණාම IMF එක CIA එක යටතට පවරා දෙනවා. CIA director වුණු Alan Hunley තමයි Ghost Protocol status එකේදී IMF එක manage කරන්නේ. Event එක ඉවර වුණාට පස්සේ IMF එක නැවත ස්වාධීන ආයාතයක් කරලා එකේ director බවට Alan Hunley පත් වෙනවා.

(2018-Present) - Erika Sloane
Fallout චිත්‍රපටියේදී Solomone Lane විසින් Hunley ව ඝාතනය කරනවා. මේ අවස්ථාවේදීත් CIA එක යටතට තමයි IMF එක වැටෙන්නේ. එතන ඉඳන් IMF එකේ director වෙන්නෙත් මේ Erika Sloane.

IMF එක ගැන ප්‍රධානම කරුණු ටික තමයි ඔය. Bruce Geller නිර්මාණය කරපු Mission Impossible franchise එකේ foundation එක වෙන IMF එක නිසා තමයි movies 7 ක් නිකුත් වුණත් තාමත් franchise එකේ quality content එන්නේ. නැත්නම් ඉතින් Fast & Furious එකේ වගේ මැරිච්ච උන් තමා ආපහු ගෙන්නන වෙන්නේ 😂💔

Franchise එකේ අලුත්ම movie එක වෙන Dead Reckoning-Part One තවමත් සිනමාශාලා වල තිරගත වෙනවා. Barbenheimer එක නිසා box office එකට නරක කලදසාවක් ගියත් මේකත් franchise එකේ අනිත් movies වගේම enjoy කරන්න පුළුවන්. ගිහින් බලන්න. එහෙනම් තවත් දවසක හම්බවෙමු. ජය ✌️

“Your mission, should you choose it. As always, should you or any of your IM Force be caught or killed, the Secretary will disavow any know of your actions. This message will self-destruct now. Good luck.”

✍️Admin: විෂ්ව ජයසංඛ • ශ්‍රී කොම්