මයිකල් කේන් නිළ වශයෙන් සිනමා දිවියෙන් සමුගනියි.

by Yashitha Bhashana

මයිකල් කේන් නිළ වශයෙන් සිනමා දිවියෙන් සමුගනියි.

Share

🚪| Michael Caine has officially retired.

ජනප්‍රිය හොලිවුඩ් නළු මයිකල් කෙන් මහතා තමන් සිනමා දිවියෙන් විශ්‍රාම ගන්නා බවට නිළ වශයෙන් නිවේදනය කරයි.

වසර 73ක සිනමා දිවියට සමු දී තමා දැන් විශ්‍රාම දිවියක් ගත කරන බවට පසුගියදා The Dark Knight චිත්‍රපට ත්‍රිත්වයේ, Inception, Interstellar, Dunkirk වැනි ජනප්‍රිය සහ විශිෂ්ඨ සිනමා නිර්මාණ රාශියකට ඇතුළු චිත්‍රපට 130ට ආසන්න ප්‍රමාණයකට දායකත්වය ලබාදුන් ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන මයිකල් කේන් මහතා විසින් ප්‍රකාශ කර තිබූ අතර අද දිනයේදී ඔහු නිළ වශයෙන් විශ්‍රාමගන්නා බවට නිළවශයෙන් දැනුම් දී තිබෙනවා.

තමා දැන් ඉතාමත් වයෝවෘද්ධ බවත් හරියාකාරව ඇවිදීමටවත් නොහැකි බවත් හැමෝම අනිවාර්යයෙන්ම මියයන අතර තමන් අඩුම තරමේ අවුරුදු 90ක් ජීවත් වූ බවත් ජීවිත කාලය පුරාම රංගන ශිල්පියෙකු ලෙසම පමණක් රැඳී සිටිය බවත් වෙනත් කිසිවක් කිරීමට අවශ්‍ය නොවූ බවත් තමා සිතා සිටියාට වඩා හොඳ ජීවිතයක් තමා ගතකළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

“The only parts I’m liable to get now are 90-year-old men… So I thought, I might as well leave with all this.”

                      - Michael Caine - 

සිනමාවට සිදු කල මෙහය වෙනුවෙන් මයිකල් කේන් හට දෙවන එලිසබෙත් රැජින විසින් නයිට් පදවියක්ද පිරිණමා තිබෙනවා.