ICC විසින් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තහනම් කරයි

by Yashitha Bhashana

ICC විසින් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තහනම් කරයි

Share

🏳️‍⚧️| ICC bans transgender women from international cricket.🚫🏏

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තහනම් කරයි.

ප්‍රධාන ප්‍රතිපත්තිමය තීරණයක් ලෙස, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පසු ගිය අඟහරුවාදා සංක්‍රාන්ති ලිංගික ක්‍රිකට් ක්‍රීඩකයින්ට කාන්තා ක්‍රිකට් සඳහා අන්තර්ජාතික මට්ටමින් සහභාගී වීම තහනම් කළේය. ඕනෑම ආකාරයක පිරිමියෙකු ලෙස වැඩිවියට පත් වූ සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට ශල්‍යකර්මයකට භාජනය වී තිබේද නැද්ද යන්න නොසලකා ජාත්‍යන්තර කාන්තා ක්‍රීඩා සඳහා තරඟ කිරීම තහනම් කරනු ලැබීය.

ජාත්‍යන්තර කාන්තා ක්‍රීඩාවේ අඛණ්ඩතාව සහ ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා මෙම තීරණය ගන්නා බව ICC ය ප්‍රකාශ කළේය. ක්‍රිකට් ක්‍රීඩාවේ පාර්ශවකරුවන් සමඟ මාස නවයක උපදේශන ක්‍රියාවලියකින් පසුව, මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බවටයි වාර්තා වන්නේ.

ICC ප්‍රධාන විධායක ජෙෆ් ඇලර්ඩිස් මෙම තීරණය සම්බන්දව අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුනේ මෙම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ප්‍රශ්නය ගෝලීය මට්ටමින් විශාල ප්‍රශ්නයක් බවත් ඔවුන්ගේ ප්‍රමුඛතාවය වන්නේ ජාත්‍යන්තර කාන්තා ක්‍රීඩාවේ අඛණ්ඩතාව සහ ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව ආරක්ෂා කිරීම බවයි.

මෙම තීරණය ගෙන ඇත්තේ කැනඩාවේ Danielle McGahey බ්‍රසීලයට එරෙහිව කාන්තා T20 තරඟාවලියකට සහභාගී වූ විට නිල ජාත්‍යන්තර තරඟයකට සහභාගී වූ පළමු සංක්‍රාන්ති ලිංගික ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්වීමෙන් මාස දෙකකට පසුවය. කෙසේ වෙතත්, ඇයට තවදුරටත් කාන්තා ජාත්‍යන්තර ක්‍රීඩා සඳහා සහභාගී වීමට නොහැකි වනු ඇත.

McGahey 2020 පෙබරවාරි මාසයේදී ඕස්ට්‍රේලියාවේ සිට කැනඩාවට සංක්‍රමණය වූ අතර 2020 නොවැම්බර් මස කාන්තාවක් ලෙස සංක්‍රාන්තිය ආරම්භ කළාය. ICC හි සියලුම රෙගුලාසි සපුරාලීම නිසා McGahey කණ්ඩායමට තෝරා ගත් බවට කැණඩාවේ ක්‍රිකට් මණ්ඩලය පැවසීය.

සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට මේ වන විට පිහිනුම්, පාපැදි, මලල ක්‍රීඩා, රග්බි වැනි කාන්තා තරඟ සඳහා සහභාගී වීම තහනම් කර ඇත.

ශ්‍රී කොම්