20 වෙනි ජනාධිපති සිනමා සම්මාන උළෙල 2023 පසු ගියදා පැවති අතර එහිදී මුල් නිර්මාණ කරුවන්ගේ කිසිඳු අවසරයකින් තොරව කොපි කර තැනූ හුස්ම නම් චිත්‍රපටය වෙනුවෙන් 2019 වසරේ නැඟී එන හොඳම නිළියට හිමි සම්මානය
චමත්කා ලක්මිණි දිනාගන්නවා.
හුස්ම චිත්‍රපටය යනු 2015 වසරේ ස්පාඤ්ඤ බසින් නිකුත් වූ The Corpse of Anna Fritz නම් චිත්‍රපටයේ අවසරයකින් තොරව නිර්මාණය කරන ලද චිත්‍රපටයකි.
මෙම චිත්‍රපටය ලැජ්ජාවකින් තොරව කොපි කරමින් අධ්‍යක්ශණය සහ තිරරචනය කරනු ලබන්නේ සුදේශ් වසන්ත පීරිස් නැමැත්තෙකු විසින් වන අතර නිෂ්පාදනය කරන්නේ නිහල් වික්‍රමසිංහ නැමැත්තෙක් විසිනි.
මෙම සම්මාන උළෙලේ සිටි ජූරි සභාව වන්නේ
ආචාර්ය ශාමාල් විජේවර්ධන (සභාපති)
ආචාර්ය හංසමාලා රිටිගහපොල
බුද්ධදාස ගලප්පත්ති
දීප්ති කුමාර ගුණරත්න
පියල් කාරියවසම්
චතුර ජයතිලක
රංග දසනායක. යන අයයි
මේ ආකාරයෙන්ම පසු ගියදා කැළණිය විශ්වවිද්‍යාලයෙන්ද “ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විශ්වවිද්‍යාලයකින් නිර්මාණය කල වෘතාන්ත චිත්‍රපටය” ලෙස පම්පෝරි ගසමින් වියසිදුර නමින් චිත්‍රපටයක් නිර්මාණය කල අතර එයද කිසිඳු අවසරයකින් තොරව 2017 වසරේ නිකුත් වූ ස්පාඤ්ඤ චිත්‍රපටයක් වන The Invisible Guest චිත්‍රපටයේ කොපියකි.. වැදගත්ම කාරණාව එහි අධ්‍යක්ශක ලෙස හඳුන්වාගන්න කැළනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රභාත් අංගම්පොඩි එය කොපියක් ලෙස පිළිනොගෙන සමාජමාධ්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයන් සමඟ බහින්බස් වීමය.
සමහරවිට මේ අධ්‍යක්ශකවරු “ලංකාවේ ප්‍රේක්ෂකයෝ දකුණු ඉන්දීය නළු තලපතාගේ චිත්‍රපට පමණක් නරඹනවා ඇති අනෙකුත් විදෙස් භාශා චිත්‍රපට නරඹන්නේ නැතිව ඇති කොපි කලාට ප්‍රශ්නයක් වෙන්නේ නැතිව ඇති” සිතා නිර්මාණ කොපි කිරීමේ කලාවේ නියැලෙනවා ඇති.