නෝලන්ගේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට ද්විත්වයේ ජේම්ස් බොන්ඩ් ලෙස හෙන්රි කැවිල් තෝරාගන්නා බවට කටකතා.

by Yashitha Bhashana

නෝලන්ගේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට ද්විත්වයේ ජේම්ස් බොන්ඩ් ලෙස හෙන්රි කැවිල් තෝරාගන්නා බවට කටකතා.

Share

🗞| Christopher Nolan අධ්‍යක්ශනය කිරීමට නියමිත James Bond චිත්‍රපට ද්විත්වයේ James Bond චරිතය සඳහා Henry Cavill සලකා බැලෙනු ඇති බවට කටකතා.🕴

Oppenheimer චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු අතරතුරදී සහභාගි වූ සම්මුඛ සාකච්ඡාවකදී Christopher Nolan විසින් James Bond චිත්‍රපටයක් අධ්‍යක්ශනය කිරීමට තමන් කැමති බවට ප්‍රකාශ කල අතර මෙ වන විට ඔහු James Bond චිත්‍රපට 2ක් අධ්‍යක්ශනය සහ තිර රචනය සඳහා සූදානම් වෙන බවට insider/scooper කෙනෙකු වෙන Jordan Ruimy විසින් වාර්තා කරන බවට අප ඔබට දැනුම් දුන්නා මතක ඇති.

මේත් සමඟම අන්තර්ජාලය පුරා බොහෝ කටකතා පැතිරෙන අතර එයින් ප්‍රධානම එකක් වන්නේ දැනට James Bond චරිතය රඟදක්වන Daniel Craig ඉවත් කොට Henry Cavill එම චිත්‍රපට ද්විත්වයේ James Bond චරිතය සඳහා සලකා බැලෙන බවයි. දැනට මෙය 100%ක් කටකතාවක්ම පමණි.