Harry Potter චිත්‍රපටි වල Music ගැන කතා කරමුද?
අයෙ අමුතුවෙන් අහන්න දෙයක් නෑ...දැනටමත් ඔයාලට ඒ magical music එක ඔලුව ඇතුලෙන් ඇහෙනවා කියලා මන් දන්නවා 🤭 මගෙත් මේ වෙලාවේ ඔලුව ඇතුලෙ ඒ music එක දෝංකාර දෙනව වගේ...
ඔයාලා දන්නවද ඒ සුප්‍රසිද්ධ music එකේ නම 🥲 මන් හිතන්නේ සමහර අය නම් දන්නේ නැතුව ඇති...ඒ music එකේ නම තමයි "Hedwig's Theme" ජෝන් විලියම්ස් විසින් රචනා කරලා තියෙන මේ music එක අපිට මුලින්ම අහන්න පුලුවන් වෙන්නේ "Harry Potter and the Philosopher's stone" movie එකෙන්.
ඔන්න ඔතන ඉදලා තමයි ඒ magical music එක මුලු ලෝකෙ වටේම ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නේ...❤️ මේ music එක ඇතුලෙ මට නම් හරිම අත්භූත ලස්සනක් ගැබ් වෙලා තියෙනවා කියලා මට තේරේනවා...මට හිතෙන්නේ ඇත්තටම ඒ music එක magic එකක් වගේ 😵💫 ඒ music එක ඇහෙද්දි ඇත්තටම අපි මායා ලෝකයක් ඇතුලට අරගෙන යනවා වගේ හැගීමක් දැනෙනවා.🤩
"Hedwig's Theme" විතරක් නෙවෙයි...තවත් ගොඩක් music parts Harry Potter movie එක ඇතුලේ තියෙනවා, Harry Potter චිත්‍රපට මාලාවේ සෑම පසුකාලීන චිත්‍රපටයකටම පැට්‍රික් ඩොයිල්, නිකලස් හූපර් සහ ඇලෙක්සැන්ඩ්‍රේ ඩෙස්ප්ලැට් වැනි විවිධ නිර්මාපකයින් විසින් සංගීත නිර්මාණ කටයුතු කරලා තියෙනවා.😌❤️
ඉතින් Harry Potter කියන්නෙත් Music එක්ක බද්ධ වෙලා තියෙන තවත් චිත්‍රපට මාලාවක් කිවුවොත් සාධාරණයි කියල මට හිතෙනවා.❤️
✍️ Admin: Thanusha Rathnayake.