මොකක්ද මේ හැලෝවීන්...

by Yashitha Bhashana

මොකක්ද මේ හැලෝවීන්...

Share

අද Sri COM at 7 සෙග්මන්ට් එකෙන් කතා කරන්නේ අපි හැලෝවීන් ගැන.

Halloween Halloween හැමතැනම halloween
දැන් නොදන්න අය බලනවා ඇති මේ මොකක්ද කියලා දන්න අයටයි නොදන්න අයටයි දැනගන්න තමයි අපි ලිපිය ගෙන්නේ,

අද ඉතිං හැලොවීන් දවසනෙ. ලෝකෙ බොහොමයක් බටහිර රටවල මහ ඉහලින් සමරණ උත්සවයක්. ලංකාවෙත් දැං දැං මේකට සම්බන්ධ පොඩි ප events එහෙම තියෙනවා. විවිධ ඇදුම් ඇදං යන මේවට කියන්නෙ කොස්ටියුම් පාටීස් කියල.

බටහිර ලෝකයේ නං මේ දවස කාට කාටත් හරිම විශේෂයි.
අනිත් හැමෝටම වඩා ළමයින්ට..! ඔය කියපු එක එක විදිහෙ කොස්ටියුම් වලිං සැරසිලා ගෙවල් ගානෙ යනව රංචු ගැහීගෙන...

Trick or treat
Smell my feet
Give me something
Good to eat

කියාගෙන...සාමාන්‍යයෙන් ඉතිං කියන්නෙ Trick or Treat කෑල්ල විතරයි.
එතකොට ගෙවල් වල මිනිස්සු ඒගොල්ලො කලිං ගෙනත් ලෑස්ති කරං හිටපු ටොෆි චොකලට් අහුරු අහුරු ගෙනත් මේ කොස්ටියුම් කාරයිංගෙ අත් වල තියෙන වට්ටක්ක ගෙඩි හැඩේ භාජන වලට දානව. හවස 4 ට විතර පටං ගත්තම රෑ 8 විතර වෙනකල්ම මේ සෙල්ලම කෙරෙණව. ගෙවල් වල කට්ටියත් ඒගොල්ලන්ගෙ අමුතු ඇදුම් ඇදගෙන ඊට පස්සෙ Trick or Treating යනව.

මේක සෑහෙන අතීතෙක ඉදං පැවතගෙන එන සම්ප්‍රධායක්..
නොවැම්බර් 1 වෙනිදා කියන්නෙ ක්‍රිස්තු භක්තිකයින්ට අනුව මළවුන් සමරණ දිනයනෙ. ඉතිං ඔක්තෝබර් 31 වෙනිදට මේ හැලොවීන් සමරන්න යොදාගෙන තියෙන්නෙ ඒකට සමගාමීවයි. මුල් කාලෙදි , ඒ කිව්වෙ ඈත අතීතයෙදි හොල්මං, භූතයො, ඩ්රැකියුලා වගේ කට්ටිය ඉස්මතු උනත් දැං දැං කොමික් චරිත, එදිනෙදා ජීවන චරිත, ඕනෙම කෙනෙක්ව අනුකරණය කිරීම සිදුවෙනවා.

ෆ්‍රැන්කන්ස්ටයින් (Frankenstein)කියන්නෙ මණඃකල්පිත හොල්මන් චරිතයක්. ඒ මුහුණ සහ ඒ ස්වරූපය මේ හැලොවීන් උත්සවයෙ බොහොම ජනප්‍රිය අංගයක්.
ඕනෙම ගමක ඔහුගෙ අනුරුවක් ලොකුවට හදල පාරෙ තියෙනවම තමයි මේ උත්සවයට. ඒ වගේම ලොකු මකුලුවො, ඒගොල්ලොන්ගෙ දැල්, මායාකාරියො බොහොම සුලභ දසුන්. නත්තලට කරණව වගේම බොහොම අලංකාරෙට පාරවල් සහ ගෙවල් සැරසීමත් මේ උත්සවේ අනිවාර්ය අංගයක්.

කට වහරේ එන කථාවකට අනුව, සියවස් ගණනාවකට පෙර අතීතයේදී, එංගලන්තෙ ගමක...අමනුස්ස ආත්ම ටිකක් එලි බැහැල පොඩි ළමයි මරන්න ගත්තලු.
මේකෙං බේරෙන්න උපක්‍රමයක් දහ අතේ කල්පනා කරපු ඒ ගමේ හිටපු දෙමව්පියො මුලු ගමේම හිටපු ළමයින්ව හොල්මං අවතාර වගේ වෙස් ගන්වල අර යක්කු ටික එද්දි පේන්න තිබ්බලු. එතකොට යක්කු හිතල තියෙන්නෙ මේ ඉන්නෙත් තමං වාගෙම අමනුස්ස රැළක් කියල. එහෙම රැවටිලා ළමයින්ව කන්නෙ නැතුව ආපහු ගිහිං තියෙනව. ඉතිං ඒ පුරුද්දට තමයි හැලොවීන් වලදි ළමයින්ව පුලුවන් තරං හොල්මං අවතාර විදිහට වෙස් ගන්වන්නෙ.

ඉතින් චිත්‍රපට, කතමාලා, වීඩියෝ ක්‍රීඩා කියන්නෙ ආයෙ ඉතින් හැලොවීන් එක්ක ලොකුවටම බැඳුනු දෙයක්. මොකද ගොඩක් Trick or Treating වලට අඳින ඇඳුම්, චිත්‍රපට කතාමාලාවන් වලට සම්බන්ධයි. ඉතින් මේ නිසා තමයි අපි මේ ගැන ලිපියක් අරගෙන ආවෙ. ඇත්තටම අද වෙනකොට බොහෝමයක් Halloween Costumes Comic වලට සම්බන්ධයි. මේ ගැන ඔයාල දන්න දේවලුත් තියෙනවනම් පහල තියෙන comment section එක පාවිච්චි කරන්න.

#Halloween

Halloween අද වෙනකොට ඔයාල ගොඩක් දෙනා මේ ගැන අහල ඇති. හැලොවීන් උත්සවය අද කාලෙ වෙනකොට ගොඩක් ප්‍රසිද්ධ උත්සවයක් වෙලා තියෙනවා. අපි බලමු මේ හැලොවීන් උත්සවය ගැන පොඩි විස්තරයක්.

👻 හැලොවීන් ගැන කතා කරද්දි අපිට ටිකක් කෙල්ටික් දේශය පැත්තට යන්න වෙනවා. අහ්.. කෙල්ටික් දේශය කියද්දි ඒකට ඇතුල් වෙන රටවල් කීපයක් තමා

ඉතින් මුලින්ම මෙ හැලොවීන් උත්සය නිර්මාණය වෙලා තියෙන්නෙ මේ කියපු කෙල්ටික් දේශයේදි තමා. අද කාලේ වෙනකොට මේක උත්සවයක් උනාට ඒ කාලෙනම් මේක චාරිත්‍රයක් විදියට තමා තිබුනේ. අතීත කෙල්ටික් වැසියන් අස්වනු නෙලීමෙ චාරිත්‍රයක් විදියට මේ හැලොවීන් උත්සවය නිර්මාණය කරල තියෙනවා. ඔවුන් විශ්වාස කලා ඔක්තෝම්බර් 31 කියන දිනයේදී ( ඔවුන්ගේ කැලන්ඩරයේ වර්ශ අවසාන දිනය ) මනුශය ලෝකයත් මලවුන්ගේ ලෝකයත් අතර තියෙන තිරය තුනී වෙනව කියල 👻 එදාට ආත්ම වලට මනුශ්‍ය ලෝකයට එන්න පුලුවන්. ඒ වගේම Samhain කියන යක්ෂයා ඒ දවසට මනුශ්‍ය ලෝකයට එන්න උත්සහ කරනවලු. 👻

ඉතින් මේ කෙල්ටික් ජනයා හිතුවා ආත්ම නිසා එයාලගෙ වගා වලටත් ලොකු හානියක් වේවි කියල වගේම ඔවුන්ටත් හානියක් වෙන්න පුලුවන් කියල. ඔක්තෝම්බර් 31 වෙනි දවසේ මෙයාලා ඒකට චාරිත්‍රයක් පටන් ගත්තා.

👻 කෙල්ටික් ජනයා හිතුවේ ඒගොල්ලොත් හොල්මන් වගේ වෙස්වලා ගත්තොත් ආත්ම පලවා හරින්න පුලුවන් කියලා. මේ ගොල්ලො ඒ උපක්‍රමය කරල බැලුවා. කාලයත් එක්ක ඒක චාරිත්‍රයකට වඩා උත්සවයක් විදියට හැඩගැහුනා.

මේකට හැලොවීන් කියන නෙමෙයි මෙයාලා මුලින් නම් කලේ. Samhain Day කියන නම තමා ඒ වෙනුවට බාවිත කලේ. නමුත් පසුකාලීන කතෝලික ආගම් වල අයගෙන් යම් යම් විරෝධතා එල්ල වුනා ඒ නම සම්බන්ධයෙන්.

නොවැම්බර් 01 කියන්නේ ශාන්තුවරයින්ගෙ දවසනේ. ඉතින් ඔක්තෝම්බර් 31 වෙනිදා දවස Holly Evening කියල නම් කරා. All hallows day කියල තව විදියකටත් නම් වුනා.

කාලයත් එක්ක මේ නම් වෙනුවට Halloween කියන නම ස්ථිර වුනා.

Hallow + Even = Halloween ( 😅 සන්ධි මතක නෑ.මතක විදියට ඕම තමා )

Hallo = Holly
Even = Evening

ඔන්න ඕමයි හැලොවීන් නම හැදිලා තියෙන්නේ.

🎃 ඇයි කැටයම් කරපු වට්ටක්කා විශේෂ වෙන්නෙ?

හැලොවීන් උත්සවේ කිව්වම අපිට මතක් වෙනවා හොල්මන් පෙනුමකට කැටයම් කරපු වට්ටක්කා ගෙඩි. ඒ ඉතින් මේ කාලෙනේ. ඇත්තටම ඒ කාලෙදී මේ වෙනුවට පාවිච්චි කරල තියෙන්නේ රාබු, ටර්නිෂ් වගේ එලවලු. මේවාගේ මැද හිස් කරල බය හිතෙන මුනක් විදියට හැඩ කපලා මැද්දෙ ඉටිපන්දම් පත්තු කරල එලියෙන් තියනවා. ඒ කාලයේ තිබුණ විශ්වාසයන්ට අනුව බූත ආත්ම මේවට බයයිලු. 🎃👻 පස්සෙ කාලෙදි විශාලත්වය වගේ හොයාගන්නත් ලේසි නිසා මේවා වෙනුවට වට්ටක්කා ගෙඩි පාවිච්චි කරන්න පටන් අරන් තියෙනව. 🎃

Halloween උත්සවයේ තව වැදගත් අංගයක් තමයි රසකැවිලි. 😋🥨🍭🍬 අතීතයේ තිබුන තවත් එක් විශ්වාසයක් තමා මේ රසකැවිලි වලින් හොල්මන් එලවන්න පුලුවන් කියල. එයාල විශ්වාස කලා රසකැවිලි තියෙන තැන් වලට හොල්මන් එන්නෙ නැ කියල.

හැලෝවීන් චාරිත්‍රයේදී අතීතයේ අය හොල්මන් වගේ ඇඳගත්තේ ආත්ම බය කරන්න. ( 😅 අනෙ මන්දා හොල්මන් බය කරන්න හොල්මන් වෙනවා. මේක තේරුම් ගද්දි මාව හොල්මන් වෙනවා )

අද කාලෙනම් හැලොවීන් උත්සවේට ගොඩක් අය Dracula, Frankensteins monster, mummy, werewolf වගේ ප්‍රසිද්ධ අත්භූත චරිත වගේ තමා අඳින්නේ. නමුත් මතක තියාගන්න මේ චරිත වලට මලවුන්ගේ ලෝකය එක්ක සම්බන්ධකමක් නෑ 😅💔 මෙයාල රාක්ෂයො කියන කැටගරියට තම අයිති වෙන්නේ ( 😪 මෙයාල ගැන ඉස්සරහට කියන්නම් )

👻Trick or treat👻

හොල්මන් වගේ ඇඳගනිපු ලමයි ගෙවල් වලට ගිහ්න් දොරට තට්ටු කරනවා. ගෙදර අයිතිකාරය දොර ඇරියම එයාලා Trick or treat කියල කියනවා. ඉතින් අයිතිකාරයා ඒ දෙකෙන් එකක් කියන්න ඔනෙ. Trick කියල කිව්වොත් අර ලමයි එයාට විහිලු කතාවක් කියන්න හරි විහිලුවක් කරන්න හරි ඕනේ. Treat කියන කීවොත් අර ලමයින්ට රසකැවිලි දෙන්න ඔනේ. ඔන්න ඕක තමා හැලොවීන් වල කෙරෙන trick or treat සෙල්ලම.

අද වෙනකොට ලෝකයේ ගොඩක් රටවල් වල මේ හැලොවීන් උත්සවය සමරනවා. අපේ ලංකාවෙත් මේක උත්සවයක් විදියට සමරනවා ගොඩක් අය.

අදට ආටිකල් එක ඉතින් මෙතනින් ඉවරයි.. ආයෙත් මේ වගේ ආටිකල් එකකින් හම්බෙමු

Happy Halloween from Team The SriCOM
🎃👻🧙‍♀️🧛‍♂️