GTA 6 පූර්ව ප්‍රචාරක පටය YouTube හි පැය 24ක් තුල වැඩිම නැරඹුම්වාර ප්‍රමාණයක් වාර්තා කල 2වන වීඩියෝව බවට පත් වෙයි

by The Sri COM

GTA 6 පූර්ව ප්‍රචාරක පටය YouTube හි පැය 24ක් තුල වැඩිම නැරඹුම්වාර ප්‍රමාණයක් වාර්තා කල 2වන වීඩියෝව බවට පත් වෙයි

Share

▶️| The ‘GTA 6’ trailer has already broke the record for most views in 24 hours on a non-music YouTube video.

නිකුත් කර පසු පැය 24ක් තුල YouTube හි වැඩිම නැරඹුම්වාර ප්‍රමාණයක් වාර්තා කල දෙවන වීඩියෝව සහ Music වීඩීයෝවක් නොවන වැඩිම නැරඹුම්වාර ප්‍රමාණයක් වාර්තා කල වීඩියෝව බවට GTA 6 වීඩියෝ ක්‍රීඩාවේ පූර්ව ප්‍රචාරක පටය පත් වෙයි. දැනට නිකුත් කර පැය 15 වන විට GTA 6 පූර්ව ප්‍රචාරක පටය සම්පූර්ණ නැරඹුම් වාර මිලියන 83ක් වාර්තා කර තිබෙනවා. ඒ Rockstar නිළ Youtube චැනලය හරහා නැරඹුම්වාර මිලියන 68ක්, Gamespot චැනලය හරහා මිලියන 12ක් සහ IGN චැනලය හරහා මිලියන 3ක නැරඹුම්වාර සමඟිනුයි (නිළ වශයෙන් නොදැම්ම ප්‍රධාන නොවන චැනල් වල views එක්ක බැලුවොත් මේ වෙද්දි views මිලියන 100ට වැඩි ඇති)

නැරඹුම්වාර මිලියන 108ක් ලබාගනිමින් පැය 24ක් වැඩිම නැරඹුම්වාර ප්‍රමාණයක් වාර්තා කර ඇති වීඩියෝ වන්නේ දකුණු කොරියානු සංගීත කණ්ඩායමක් වන BTS සංගීත කණ්ඩායමෙහි 2021 වසරේ නිකුත් කල Butter නම් මියුසික් වීඩියෝවයි.