Godzilla Minus One ඇමෙරිකාව තුල වැඩිම ආදායමක් ලද විදේශීය භාශා චිත්‍රපට අතර 3වන ස්ථානයට.

by Menuka Risith

Godzilla Minus One ඇමෙරිකාව තුල වැඩිම ආදායමක් ලද විදේශීය භාශා චිත්‍රපට අතර 3වන ස්ථානයට.

Share

Godzilla Minus One ඇ.ඩො මිලියන 55ක අදායමක් ලබාගනිමින් ඇමරිකාව තුල වැඩිම ආදායමක් ලද විදේශීය භාශා චිත්‍රපට ලැයිස්තුවේ 3 වන ස්ථානයට පත් වෙයි. ඇමරිකාව තුල වැඩිම ආදායමක් ලද ජපන් චිත්‍රපටය වන්නේද Godzilla Minus One වේ.

හොඳම දෘශ්‍ය ප්‍රයෝග හෙවත් Best Visual Effects සඳහා හිමි Oscar සම්මානය සඳහාද Godzilla Minus One නිර්දේශ වූ අතර Oscar සම්මානයක් සඳහා නිර්දේශ වූ පළමු Godzilla චිත්‍රපටය මෙන්ම එම අංශය සඳහා නිර්දේශ වූ පළමු ජපන් චිත්‍රපටය බවටද Godzilla Minus One පත් විය.

ඇ.ඩො මිලියන 15ක් වැනි සුළු පිරිවැයකින් නිර්මාණය කල මෙම චිත්‍රපටය මේ වන විට ලොව පුරා ආදායම ඇ.ඩො මිලියන 102 සීමාව පසු කර තිබෙනවා.