France's Defense Minister lashes out against “Black Panther: Wakanda Forever” over depiction of their army

by Menuka Risith

France's Defense Minister lashes out against “Black Panther: Wakanda Forever” over depiction of their army

Share

Black Panther: Wakanda Forever චිත්‍රපටයේ ප්‍රංශ හමුදාව පහත් කොට නිරූපණය කිරීම සම්බන්ධයෙන් ප්‍රංශයේ ආරක්ෂක අමාත්‍යවරයා විරුද්ධත්වය ප්‍රකාශ කරයි.

“අපගේ සන්නද්ධ හමුදාවන් පිළිබඳව මවා පෙන්වූ මෙම ව්‍යාජ සහ රැවටිලිකාර නියෝජනය මම තරයේ හෙළා දකිමි” යනුවෙන් ආරක්ෂක අමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නු මාධ්‍යවේදියෙකු විසින් Twitter ඔස්සේ පළ කරන ලද චිත්‍රපටයේ දර්ශනයක් retweet කරමින් මෙම අදහස දක්වා තිබුනි.

චිත්‍රපටයේ මෙම දර්ශනයේ පෙන්නුම් කළේ ප්‍රංශ හමුදාව ප්‍රබන්ධ අප්‍රිකානු රාජධානිය වන වකන්ඩාට අයත් සම්පත් සොරකම් කරන ආකාරයයි. දර්ශනයේ සිටි සොල්දාදුවන් ප්‍රංශයේ මාලි හි බර්කානේ මෙහෙයුමට සමාන නිල ඇඳුමකින් සැරසී සිටි බව මාධ්‍යවේදියෙකු ට්විටර් ඔස්සේ පෙන්වා දීම ඇමතිවරයාගේ ප්‍රතිචාරයට හේතු වී තිබින.

ප්‍රංශ ආරක්ෂක අමාත්‍යාංශය නිළ වශයෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ ට්විටර් පණිවුඩය අමාත්‍යවරයාගේ පෞද්ගලික මතය පමණක් පිළිබිඹු කරන බවත් චිත්‍රපටයෙන් එම දර්ශනය ඉවත් කරන ලෙස ඉල්ලා සිටීමට ප්‍රංශයට කිසිදු සැලසුමක් නොමැති බවත්ය.

#SriCOM#BlackPantherWakandaForever