Formula 1 ගැන පළමු හැදින්වීම.

by Vikum Harshana

Formula 1 ගැන පළමු හැදින්වීම.

Share

Formula 1 තේරෙන සිංහලෙන් : 001

"Formula 1 ගැන පළමු හැඳින්වීම"

🏎️ Formula One (ෆෝමියුලා වන්) කියන්නේ ලෝකයේ තිබෙන මෝටර් රථ තරගාවලින් උද්වේගකරම තරගාවලිය කිව්වොත් හරි.

🏎️ Formula One තරගාවලිය Formula 1 හෝ F1 ලෙසත් හඳුන්වනවා.

🏎️ Olympics සහ FIFA World Cup එකට පස්සේ ලෝකයේ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් ඉන්න ක්‍රීඩාව වෙන්නෙත් Formula 1.

🏎️ Formula 1 ආශ්‍රිත නීති පැනවීම් සහ නියාමයන් කරන්නේ FIA (Fédération Internationale de l’Automobile) එක විසින්.

🏎️ වර්තමානයේ දකින්නට ලැබෙන Formula 1 World Championship එක ආරම්භ වෙන්නේ 1950 වසරේදී.

[[Formula 1 ඉතිහාස කතාව වෙනමම ලියන්නම්]]

🏎️ 2024 Formula 1 World Championship එක සඳහා කණ්ඩායම් 10 ක් සහභාගී වෙනවා. ඔවුන් හඳුන්වන්නේ Constructors (කන්ස්ට්‍රක්ටර්ස්) ලෙසයි.

🏎️ එක Constructor කෙනෙක්ට ක්‍රීඩකයින් 2 දෙනෙක් බැගින් ක්‍රීඩකයින් 20 ක් මෙවර තරග කරනවා. ඔවුන් හඳුන්වන්නේ Drivers (ඩ්‍රයිවර්ස්) ලෙසයි.

🏎️ 2024 වසරේදී ලෝකය පුරා Circuits (සර්කිට්ස්) 24 ක පවත්වන තරගවලින් ලැබෙන ලකුණු වලින්…

🔅 ලකුණු වැඩිපුරම ගන්න Constructor හට Formula One World Constructors' Champion ශූරතාවයත්,

🔅 ලකුණු වැඩිපුරම ගන්න Driver හට Formula One World Drivers' Champion ශූරතාවයත් හිමි වෙනවා.

[[Formula 1 තරගාවල ලකුණු ලැබෙන හැටි වෙනමම ලියන්නම්]]
[[පසුගිය ශූරයින් ගැනත් වෙනමම ලියන්නම්]]

🏎️ Circuits 24 ක පවත්වන මෙම තරගවලට කියන්නේ Grand Prix (ග්‍රෝන් ප්‍රී) කියලා. ප්‍රංශ භාෂාවෙන් Grand Prix කියන්නේ "big prize" කියන එකට.

🏎️ සාමාන්‍යයෙන් Grand Prix එකක් පවත්වන්නේ සති අන්තවලයි. ඒ නිසාම Formula 1 ආශ්‍රිතව එම සති අන්තය සැළකෙන්නේ Race Weekend (රේස් වීක්එන්ඩ්) ලෙසයි.

🏎️ Race Weekend එකේ සාමාන්‍ය කාල සටහන වෙන්නේ මෙහෙමයි.

🔅 සිකුරාදා - Free Practice 1 (FP1) සහ Free Practice 2 (FP2)
🔅 සෙනසුරාදා - Free Practice 3 (FP3) සහ Qualifying
🔅 ඉරිදා - Race (Grand Prix)

🏎️ නමුත් වැඩිපුර ප්‍රේක්ෂකයින් පිරිසක් ආකර්ෂණය කරගන්න බලාගෙන අලුතින් එකතු කරපු Sprint එක නිසා Sprint ඇතුලත් වෙන Grand Prix හයේ Race Weekend කාල සටහන වෙන්නේ මෙහෙමයි.

🔅 සිකුරාදා - Free Practice 1 (FP1) සහ Sprint Shootout
🔅 සෙනසුරාදා - Sprint සහ Qualifying
🔅 ඉරිදා - Race (Grand Prix)

[[Free Practice, Qualifying, Race, Sprint Shootout, Sprint, Race ගැන වෙන වෙනම ලියන්නම්]]

🏎️ මම හිතනවා ඔයාලා හැමෝටම Formula One ගැන හොඳ හැඳින්වීමක් ලැබුණා කියලා. අලුත් වචන සෙට් එකක් ඉගෙන ගත්තා කියලත් හිතනවා.

🏎️ අපි ඊළඟ ලිපියෙන් 2024 Formula 1 World Championship එකේ තරග කරන Constructor 10 දෙනයි, Drivers 20 දෙනයි හඳුනා ගනිමු.

🔅 වැඩේ ෆලෝ කරලා තියාගන්න. හැමෝටම ජය වේවා.