👙| Former Pornstar Mia Khalifa supporting Hamas
ඊශ්‍රායලයට එල්ල කරන ලද නින්දිත ප්‍රහාරයෙන් පසු හමාස් සංවිධානයට සහය දක්වමින් හිටපු නිල් චිත්‍රපට තරුවක් වන මියා ඛලීෆා විසින් 𝕏 හෙවත් Twitter සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලානාත්මක මත පළකර තිබෙනවා.
ඊශ්‍රායලය වර්ණභේදවාදී රාජ්‍යයක් ලෙස දිගු කලක් තිස්සේ හැඳින්වූ ඇය, 800කට අධික පිරිසකගේ දෙනෙකුගේ ජීවිත බිලිගත් පසුගිය සෙනසුරාදා හදිසි ප්‍රහාරයෙන් පසු මතභේදාත්මක ට්වීට් මාලාවක් පළ කර තිබෙනවා.
“ඔබට පලස්තීනයේ තත්වය දෙස බලා පලස්තීනුවන්ගේ පැත්තේ නොසිටිය හැකි නම්, ඔබ වර්ණභේදවාදයේ වැරදි පැත්තේ සිටින අතර, ඉතිහාසය එය කාලයාගේ ඇවෑමෙන් පෙන්වනු ඇත” යනුවෙන් ඇය එහි සටහන් කර තිබෙනවා.
එමෙන්ම ඇය පවසන්නේ මෙම ප්‍රහාරයන් වීඩියෝගත කරන අවස්ථාවේදී දර්ශන සිරස් අතට නොව තිරස් අතට වීඩියෝගත කරන ලෙසයි.
“Can someone please tell the freedom fighters in Palestine to flip their phones and film horizontal”
— Mia K. (@miakhalifa) October 7, 2023
පසු ගිය ඔක්තෝබර් 7 වැනි දා, හමාස් සංවිධානය සුක්ෂම මෙහෙයුමක් දියත් කරමින් ඊශ්‍රායලට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයෙන් පසු හමාස් සාමාජිකයින් පළා යාමේදී, ඊශ්‍රායල වැසියන් පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස යළි ගසා තීරයට රැගෙන ගිය අතර ඔවුන්‍ට ප්‍රතිප්‍රහාර එල්ලකළ හොට්ජ්
එම පුද්ගලයින් ඝාතනය කරන බවට හමාස් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.
ඒ සමගින් උත්සන්න වුණු ඊශ්‍රායල - හමාස් ගැටුම හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1500 කට ආසන්නයි.
ප්‍රහාර හමුවේ තවත් පුද්ගලයින් 3000ක් පමණ තුවාල ලබා තිබේ.
මේ අතර හමාස් සංවිධානයට එරෙහිව යුධ වැදීම සඳහා ඊශ්‍රයල හමුදාව හැර ගිය පුද්ගලයින් ලක්ෂ තුනක් පමණ, යළි කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.