ජනප්‍රිය Florida Joker විසින් Rockstar සමාගමෙන් ඇ.ඩො මිලියන 5ක වන්දියක් ඉල්ලයි

by Randinu Jayarathne

ජනප්‍රිය Florida Joker විසින් Rockstar සමාගමෙන් ඇ.ඩො මිලියන 5ක වන්දියක් ඉල්ලයි

Share

🤡| Florida Joker issued another ‘final warning’ and pushed back Rockstar's response date to January 11. ජනප්‍රිය Florida Joker විසින් Rockstar සමාගමෙන් ඇ.ඩො මිලියන 5ක වන්දියක් ඉල්ලයි GTA 6 හි පූර්ව ප්‍රචාරක පටය නිකුත් වීමත් සමග කරළියට පැමිණි “Florida Joker” හෙවත් Lawrence Sullivan නම් පුද්ගලයා Rockstar සමාගමට එරෙහිව තර්ජනයක් එල්ල කර තිබෙනවා. ඒ, GTA පූර්ව ප්‍රචාරක පටය තුළ ඔහුගේ චරිතය පාදක කොටගෙන නිර්මාණය කළා යැයි සැලකිය හැකි අන්දමේ රූපරාමුවක් අන්තර්ගත වීමත් සමගයි. එම රූපරාමුවේ දී Sullivan ආශ්‍රයෙන් නිර්මාණය කළ චරිතය අත්අඩංගුවට ගෙන නඩු විභාගයකට පෙනී සිටින අවස්ථාවක් නිරූපණය කර ඇති අතර ඔහුගේ face tattoos සහ කොණ්ඩය නිසා එයින් නිරූපණය කර ඇත්තේ පැහැදිලිවම ඔහුම වන බව හඳුනාගත හැකියි. කෙසේ වෙතත් මොහු විසින් පූර්ව ප්‍රචාරක පටය නිකුත් වී දින කිහිපයකට පසුව සමාජ මාධ්‍ය තුළ ඔහු මෙම පූර්ව ප්‍රචාරක පටය දුටු බවත් මෙලෙස GTA 6 සඳහා ඔහුගේ චරිතය යොදා ගන්නා බවට Rockstar සමාගම විසින් කිසි ලෙසකින්වත් තමන්ව දැනුවත් නොකළ බවටත් මේ සඳහා වන්දි ලෙස ඇමරිකානු ඩොලර් මිලියන දෙකක වන්දි මුදලක් ලබා දෙන ලෙසටත් ඔහු විසින් අවධාරණය කරන ලදී. පසුව Red Dead Redemption 2 වීඩියෝ ක්‍රීඩාවේ Arthur Morgan චරිතය සඳහා පණ පෙවූ Roger Clark මහතා විසින් සමාජ මාධ්‍ය තුළ වීඩියෝ පළ කරමින් මෙන්ම පෞද්ගලිකව Sullivan දැනුවත් කරමින් ඔහුට උපදෙස් ලබා දී තිබුණේ මෙලෙස Rockstar සමාගම සමග අර්බුදයක් ඇති කරගැනීම නුවණට හුරු නොවන බවත් මීට පෙර එලෙස ක්‍රියා කළ පුද්ගලයින්ට අත්වූ ඉරණම ඔහු හොඳින් දන්නා බවත් ඒ නිසා මෙමගින් ඔහුට ලැබෙන ප්‍රසිද්ධත්වය මූල්‍යමය වාසි ලබා ගැනීම සඳහා යොදා ගන්නා ලෙසත් ය. කෙසේ වෙතත් ඒ උපදෙස් නොසලකා හරිමින් පසුගියදා Sullivan විසින් තවත් වීඩියෝ පටයක් මගින් සඳහන් කර ඇත්තේ මේ ඔහුගේ අවසාන නිවේදනය බවත් ඔහුට මේ සඳහා වන්දි ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 5ක වන්දි මුදලක් අවශ්‍ය බවත් මේ බව දන්වමින් ඔහු විසින් Rockstar සමාගමට ලිපියක් යොමු කර ඇති බවත් ලබන ජනවාරි මස 11 වන දින එනම් ඔහුගේ උපන්දිනයට පෙර සමාගම විසින් එම ලිපියට ප්‍රතිචාර නොදැක්වුවහොත් ඔහු විසින් නීතීඥවරුන් මාර්ගයෙන් උපහාස නීතිය (Parody Law) යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවත් ය. මෙම සිද්ධිය ප්‍රසිද්ධියට පත් වීමත් සමග ඔහු දිනපතා යන එන සෑම තැනකදීම හිරිහැරයට ලක් වන බවත් එය තමාට "විශාල කරදරයක් වී ඇති බවත්" ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කරන තිබෙනවා. කෙසේ වෙතත් ඉහත දී සඳහන් කළ පරිදි, ඔහුට බොහෝ දුරට වන්දි මුදල් ලබා ගැනීමට පවා අඩුම ගණනේ Rockstar සමාගමෙන් ප්‍රතිචාරයක් වත් නොලැබෙනු ඇති බව දැනට නිගමනය කළ හැකියි.