Fifty Shades චිත්‍රපටය සදහා ලැබුණු සෘණාත්මක ප්‍රතිචාර හේතුවෙන් තමා පාළු නිවසක සැගව සිටි බවට නළු ජේමි ඩෝනන් පවසයි.

by Menuka Risith

Fifty Shades චිත්‍රපටය සදහා ලැබුණු සෘණාත්මක ප්‍රතිචාර හේතුවෙන් තමා පාළු නිවසක සැගව සිටි බවට නළු ජේමි ඩෝනන් පවසයි.

Share

ෆිෆ්ටි ශේඩ්ස් නළු ජේමි ඩෝනන් විසින් එම නිර්මාණ සඳහා ලැබුණු ඍණාත්මක ප්‍රතිචාර හේතුවෙන් පාළු නිවසක සැඟව සිටි බවට පවසයි.

BBC සමග පසුගියදා පැවැති Desert Island Discs නම් සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් ප්‍රකට Fifty Shades of Grey චිත්‍රපට ත්‍රිත්වයේ Christian Grey චරිතය රඟ දැක්වූ ප්‍රධාන නළු Jamie Dornan විසින් එම චිත්‍රපට සඳහා අන්තර්ජාලය පුරා එල්ල වන ඍණාත්මක ප්‍රතිචාර පිලිබඳව අදහස් දක්වා තිබෙනවා. ඔහු චිත්‍රපටය වෙත දිගින් දිගටම එල්ල වූ ඍණාත්මක ප්‍රතිචාර නිසා කාලයක් අධ්‍යක්ෂක Sam Taylor-Johnson ගේ හිස් නිවසේ 'සැඟවී' සිටි බවත් පිටස්තර ලෝකයෙන් මදක් ඉවත්ව සිටි බවත් ඔහු විසින් සඳහන් කර තිබෙනවා. ඍණාත්මක ප්‍රතිචාර කෙසේ වෙතත් ඩොලර් මිලියන ගණනින් ඉපැයීමට සමත් වූ මෙම චිත්‍රපට ත්‍රිත්වය පදනම් වී ඇති E.L. James නවකතා කෘතීන් ද කතා රචනය අතින් අසමත් බව බොහෝ දෙනා පවසන කරුණක්. එම නිසාම චිත්‍රපටයේ තිර පිටපත/කතා රචනය පිළිබඳවත් බොහෝ දෙනාගේ ඍණාත්මක ප්‍රතිචාර ලැබී තිබෙනවා. ඔහුට අනුව චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාරයට වඩා එමගින් ලැබුණු මූල්‍යමය සාර්ථකත්වය පිළිබඳව ඔහු තෘප්තිමත් වන බවත් එම සාර්ථකත්වය නිසා හොලිවුඩය තුළ ඔහුගේ වෘත්තීමය ජීවිතයේ අවස්ථා රැසකට දොරටු විවර වූ බවත් පැහැදිලිය.