FarCry ගැන හැමදේම

by Adithya Bandara

FarCry ගැන හැමදේම

Share

හරි කොහොමද කට්ටියටම ඔන්න ඉතින් අද මං Sri COM at 7 සෙග්මන්ට් එකෙන් කියන්න යන්නේ ගේම් එකක් ගැන


ඔයාලා ඉතින් Ubisoft ගැන දන්නවනේ ඔයා Gamer කෙනෙක් නම් නොදැන ඉන්න බෑ මේ Ubisoft ගැන ඉතින් දන්නේ නැත්තම් සෑහෙන Games ගොඩක් අපිට අරගෙන ආව Company එකක් තමා Ubisoft කියන්නේ.


අපි අද කතා කරන්නේ මේ Ubisoft ලා අරගෙන ආපූ සුපිරිම Game Series එකක් ගැන ඒ තමයි Far Cry Series එහෙම නැත්තම් franchise එක. හැම Series එකකටම පටන් ගැන්මක් ඔනීනේ, Far Cry Franchise එක පටන්ගන්නේ Far Cry 1 වලින්. ඉතින් අපි මේ ආර්ටිකල් එකෙන් කතා කරන්නේ Far Cry 1 ගැන, අනිත් ටිකත් series එකක් විදියට ඔයාලට අරං එන්නයි බලාපොරොත්තු වෙන්නේ එහෙනම් අපි මේ ගේන Farcry 1 අර්ටිකල් එක කියවගෙන යන්න.....


Far Cry 1 කියන්න්නේ FPP (first-person perspective) Shooting Video Game කාණ්ඩයට අයිති Open-World Game එකක් මේක Crytek විසින් මුලින්ම Develop කරලා 2004 දී Microsoft Windows වල 2014 PlayStation 3 සහා Xbox 360 වල Released කිරීම සිදුකරනවා.


මේ ගේම් එක ඇතුලේ ඔයාට Play කරන්න වෙන්නේ ටිකක් අමුතු පරිසරයක ඒ පරිසරයේ කුලිමිනිමරුවෝ අමුතු සත්තු ඉන්න දුපත් අමුතු පිස්සු වැඩ කරන පිස්සු විද්‍යාඥයෝ. හරි අමුතු යාලුවෝ වගේ අය දේවල් තියෙනවා (මං දන්නවා ඉතින් ගහලත් ඇති ගොඩක් අය ඒත් ගැහුවේ නෑ කියලා කියවං යන්න)


මේ Game එකේ ඔයාට Play කරන්න හම්බෙන Character එක තමා Jack Carver කියන හිටපු US හමුදා විශේශ බලකා සෙබලා ඉතින් ඔයාට එයා විදියට මේ Game එකේ Main Campaign එක Play කරන්න වෙනවා Main Story එකට Levels 22 ක් තියෙනවා (මං මෙතන levels කියලා ගන්නම්) ඒ levels එක්ක මේ ගේම් එකේ Story එක Buildup කරන එක තමා ඔයා කරන්න ඔනී.


Game එක Crytek විසින් CryEngine මත හදලා තියෙන අතර, Far Cry release එකේදී Developrs ලට විශාල සාර්ථකත්වයක් ගෙනල්ලා දුන්නා. Far Cry වලට හම්බවෙච්චි හොදම ප්‍රසංශාව තමා මේකේ තිබ්බ Exploration, visuals සහ Open world ඒ වෙනකොට තිබ්බ අනික් Games එක්ක compare කරද්දි ඉතා හොද මට්ටමක තිබ්බ එක. සාර්තකත්වය කොච්ව්හරද කියනවනම් පිටපත් මිලියන දෙකකට වඩා අලෙවි වීම සිද්ද වුනා.
ඔන්න ගේම් එකේ විස්තර ගොඩක් මම කිව්වා දැං මම කියන්න යන්නේ මේ Farcry 1 වල Story එක සහා Ending එක ගැන.


Game එක ආරම්භ වන්නේ එක්සත් ජනපදයේ හිටපු විශේශ කාර්යයබලකා සෙබලෙක් වුනූ අපේ ප්‍රධාන චරිතය වන Jack ගෙන් Jack army එකෙන් අයින් වෙලා South pacific side එකේ දූපතක බෝට්ටු සේවයක් කරගෙන යනවා. කොහොම හරි වැලරි කොන්ස්ටන්ටයින් නම් කාන්තාවක් ඇයව මයික්‍රොනීසියාවේ හඳුනා නොගත් දූපතකට රහසිගතව රැගෙන යාම සඳහා ඔහුගේ බෝට්ටු සේවා සහා ජැක්ව කුලියට ගන්නවා එතැනට ළඟා වූ පසු, වැලරි ජෙට් ස්කී එකක් රැගෙන කොහේ හරි යන වෙලාවක කුලී හේවායන්(බටයන්) කිහිප දෙනෙකු විසින් පහර දීලා පුපුරලා දානවා. වගේම වැලරි අතුරුදහන් වෙනවා.
ජැක්ට පසුව ඩොයිල් නම් අමුතු මනුස්සයෙක් හම්බෙන අතර මනුස්සයා ගෙන් ජැක්ට උදව් ලැබෙන අතර දෙන්නා වැලරිව හොයන්න පටන් ගන්නවා.
(ඇත්තම කියනවා නම් ඔය ටික අපිම explore කරලා හොයාගන්න ඔනි game එක ගහපු අය දන්නවා සීන් කෝන් එක හරි මං story එක Continue කරන් යන්නම් මෙතනින් එහාට jack ව අපි විද්‍යට අරං ලියාගෙන යන්නම්)
කුලී හේවායන් කිහිප දෙනෙකු සමඟ සටන් කරාට පස්සේ අපිට ට්‍රයිජන්ස් නමින් හැඳින්වෙන අද්භූත චරිත කිහිපයක් හම්බවෙනවා. ඔවුන් ජානමය වශයෙන් වෙනස් වූ Demon ලා වගේ අමුතු සත්තු ටිකක්. තව දුරටත් හොයාගෙන යනකොට මේ ඉන්න හඳුනා නොගත් දූපත අත්හදා බැලීම් කරන දූපතක් කියලා අපිට දැනගන්න පුලුවන් වෙනවා Krieger Corp. සමාගම අත්හදා බැලීම් සඳහා දිවයිනට අරමුදල් සපයන අතර, එය මෙහෙයවන්නේ වෙන කවුරුත් නෙවේ ඒ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Dr. Krieger කියලත් දැනගන්න හම්බවෙනවා.
කුලී හේවායන්ට ට්‍රයිජන් ප්‍රශ්නයක් වෙලා තියෙන බව අපිට දැන ගන්න පුලුවන් වෙනවා. කෝම හරි මේ ඔක්කොම අපි හොයාගන්න ඔනි දෙවල් කියලා මං මතක් කරනවා මෙහෙම, කතාව ඉස්සරහට යනකොට තවදුරටත් දැනගන්න පුලුවන් වෙනවා මේ අත්හදා බැලීම් දැන් මිනිස්සු පාවිච්චි කරලත් කරන්න පටන් අරං කියලා. ඉතින් ඔය හරියෙදි අපිට වැලරිව හොයගන්න පුලුවන් වෙනවා ඒත් ඇයව හෙලිකොප්ටරයකින් වෙන තැනකට අරං යන්න හදනගමනුයි ඉන්නේ අපි ඒක නවත්තලා එයාව එතනින් බේරගන්න ඔනී. එහෙම එතනින් එයාව බේරගත්තට පස්සේ අපිට දැනගන්න පුලුවන් වෙනවා මේ වැලරි කියන්නේ CIA රහස් ඒජන්තවරියක් කියලා. තවදුරටත් එයා අපිට කියනවා එයා මෙහෙ ආවේ ක්‍රීගර්ගේ අත්හදා බැලීම් ඉගෙන ගැනීමට සහ එයාව නවත්තන්න කියලා.
එහෙම දැනගත්තට පස්සේ අපිට ඊලගට හම්බෙන Key point එකක් තමා අපි කුලී හේවා නායක ක්‍රෝව සොයාගෙන මරන එක. ඒ වෙලාවෙදි ක්‍රෝව්ගෙන් අපිට දැනගන්න පුලුවන් වෙනවා වෛද්‍ය කීගර් සතුව න්‍යෂ්ටික අවියක් දිවයිනේ හංගලා තියාගෙන ඉන්න බවත්. දූපතේ දේවල් ඔහුගේ ආකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් සහ ඔහුගේ සියලු අත්හදා බැලීම් වල අරක්ශාව සඳහා න්‍යෂ්ටිය යනු Keiger සඳහා ඇති අවසාන විකල්පය බවත් කියලා.
ඉලගට ආරක්ෂක දෙපාර්තමේන්තුව අපෙන් සහ වැලරිගෙන් න්‍යෂ්ටිය සොරකම් කරන ලෙස ඉල්ලා සිටින අතර සියලුම ට්‍රයිජන් නිපදවන කර්මාන්තශාලා රසායනාගාරයන් පුපුරවා දාන්න කියලත් කියනවා අපි එක ඒ විදියට කරන්න ඔනී හැබැයි අපි මේ වැඩෙට යන්න කලින් අපේ ඩොයිලි අපිට විකෘති කාරකය ආසාදනය විය හැකි බව කියලා ප්‍රති නාශක injection එකක් ගන්න කියලා කියනවා. ජැක් සහා වැලරි (අපි) ඒක අරං අපි අර න්‍යෂ්ටික අවිය ක්‍රියාත්මක කරන්න ඔනී. ඒ වෙලාවෙම න්‍යෂ්ටික අවිය අපේ පිටුපසින් පිපිරෙන අතර, අපිට සිහිය නැති වෙනවා
පිපුරුමෙන් පස්සේ ඩොක්ටර් ක්‍රීගර් ඇවිත් දෙන්නම අල්ලගෙන හෙලිකොප්ටරයකින් පිටත් වෙනවා. අපිට(ජැක්) සිහිය ලැබෙන විට, අපි ට්‍රයිජන් ආසාදිත ප්‍රදේශයකට ගෙනල්ලා දාලා තියෙන බව හොයාගන්න පුලුවන් වෙනවා. වැලරිව බේරා ගන්න අපිට එතන fight කරන්න වෙනවා ඔහොම කරන් යද්දි එක වෙලාවකදි අපිට crate එකක් හම්බෙනවා මේකෙදි, අපේ අත කොළ පැහැයට හැරෙනවා. ඔය වෙලාවේ ඩොයිලි අපිට කියනවා වාතයේ තියෙන විශ නිසා විකෘතිය වැඩි විය හැකි බවත්, එයා දීපූ එකේ ප්‍රතිරොදකයෙ ප්‍රතිවිරෝධය අඩු වෙලා තියෙනවා කියලා. පස්සේ ඩොයිල් අපිට දන්වන්නේ අසල පිහිටි ක්‍රීගර්ගේ රසායනාගාරය, ඇතුලේ ඔහු වඩාත් ඵලදායී ප්‍රතිවිරෝධකයක් හදමින් සිටින බවයි.
රසායනාගාරය ගිනි කන්දක් මත පිහිටා ඇති අතර එහිදී අපිට විකෘතියෙන් දරුණු ලෙස රෝගාතුර වෙලා ඉන්න වැලරි හොයා ගන්න පුලුවන් වෙනවා. මෙතනදි අපිට මහමොලකරු වගේ ඉන්න ක්‍රේගර්ට මුහුණ දෙන්න වෙනවා. ඔහුව පරාජය කිරන්න වෙනවා,කොමහරි ක්‍රේගර්ට ප්‍රතිරෝදකය හදන්න කාලය ලබා ගැනීමට නොහැකි වූ නිසා, විකෘතියට ප්‍රතිවිරෝධකයක් නැති බව අපිට දැනගන්න පුලුවන් වෙනවා. එතනදි තව සුපිරි දෙයකුත් වෙනවා😂 ඩොයිලි මේ තරම් වෙලා අපි සහ වැලරි එක්ක ඩබල් ගේම් එකක් ගැහුව බවත්, ඔහු අපිට එන්නත් කළේ විකෘතිය බවත් අපිට දැනගන්න පුලුවන් වෙනවා . ඒ වගේම ඩොයිලි හෙළි කරන්නේ ඔහු කළු වෙළඳපොලේ සැබෑ ප්‍රතිවිරෝධකය විකුනන්න සැලසුම් කරන බවයි. මේ වෙලාවෙ අපි වැලරිව රසායනාගාරයේ සිට නැව් තටාකයකට අරං ගිහින් ඇයගේ ආරක්ෂාව සඳහා පිස්තෝලයක් දිලා. ඉටපස්සේ අපි ආයේ ගිහින් ට්‍රයිජන් කණ්ඩායම සමඟ සටන් කරලා ඔවුන්ව පරාජය කරලා ඩොයිලිව අල්ලගන්න එකයි. ඔය විදියට අපි ඩොයිලිව අල්ලගත්තට පස්සේ ඔහුව knock කරලා පිස්තෝලයෙන් ඔහුට වෙඩි තියලා. අපි ප්‍රතිදේහය අරගෙගෙන ඒක වැලරිට එන්නත් කරලා අපි ඒවා හොද කරන්නත් ඕනී.
කොහොම හරි ඒ ටික එහෙම කරාට පස්සේ Game ඉවර වෙනවා ඒක ඉවර වන්නේ වැලරි හොද වීමෙන් සහා photos, docs, drive ආදියෙන් පිරුණු files වගයක් දිහා බලන ගමනුයි. ඒ file එකට "Project Far Cry" කියලා තියෙන Label එකත් අපිට බලාගන්න පුලුවන් වෙනවා.
ඔන්න ඕක තමා මේ Farcry 1 එකේ ,Brief Story එක මේ සම්පූර්ණ Story එකම කොටස් 22 ක් වගේ තියෙනවා මේක ඔයාට හරියටම play කරනවා නම් එක දිගට ඔයාට මේක 11h - 14h වගෙ ඇතුලත ඉවර කරන්න පුලුවන් කතාවක් වගේ කිව්වට මේකේ මිශන් හෙන සුපිරි 🙂 ගහලම බලන්න කියලත් කියනවා ගහපු අය අදහසත් කියාගෙන යන්න එහෙනම් Farcry 2 එකෙන් එන්නම්.
ඔයාලගේ FarCry ගැන මතකයත් අවදි කරගෙන යමු


✍️Admin: Adithya Bandara