🧵| Facebook’s Meta launches ‘Twitter killer’ social network Threads
Facebook මව් සමාගම වන Meta සමාගම විසින් Twitter සමාජ මාධ්‍ය සඳහා විකල්පයක් ලෙස Threads නමින් නවයෙදුමක් හඳුන්වා දෙන බවත් පසු ගියදා IOS පරිශීලකයන් සඳහා pre register වීමේ පහසුකමද ලබා දී තිබුනා, ඒ අනුව Meta සමාගම විසින් මෙම Instagram Threads App එක නිල වශයෙන් මේ වන විට එළිදක්වා තිබෙනවා.
මෙම Instagram Threads යෙදුම Twitter App එකෙහි ක්‍රියාකාරිත්වයට බොහෝ සෙයින් සමාන වන අතර දැන් මෙම යෙදුමApple Appstore සහ Google Playstore ඔස්සේ ඔබට බාගත කිරීමේ හැකියාව ලැබෙන අතර ඔබගේ Instagram ගිණුමහරහා ඔබට Threads ගිණුමක් ආරම්භ කිරීමේ හැකියාව තිබෙනවා.
මෙහි Threads සඳහා උපරිම අක්ෂර 500ක සීමාවක් පවතින අතර Photos සහ මිනිත්තු 5ක කාලයකින් යුත් Video පටදඇතුළත් කළ හැකියාව ලැබෙන අතර සාමාන්‍ය පරිදි මෙහිදී ඔබට Threads සඳහා like කිරීම repost කිරීම, reply කිරීම, Thread එක පළ කළ Creator block කිරීම, report කිරීම සහ Thread එකට වෙනත් පරිශීලකයන් mention කිරීම ආදීTwitter යෙදුම තුල ඇති දේවල් ඒ ආකාරයෙන්ම කළ හැකිවනවා. Instagramහි ඇති සියලුම Community Guidelines මේයෙදුම සඳහාද බලපානු බවට වාර්තා වන අතර Twitter වල මෙන් අසභ්‍ය දර්ශන පළ කිරීමේ පහසුකම එයින් ඉවත්ව තිබෙනවා.
ට්විටර් හිමි ඊලෝන් මස්ක් සහ මෙටා හිමිකාරිත්වය දරන මාර්ක් සකර්බර්ග් අතර ප්‍රසිද්ධ මත ගැටුමක් පවතින අතරතුර මෙමහඳුන්වාදීම සිදුකර තිබීම විශේෂත්වයකි.
Threads ඔස්සේ අපිව follow කරන්න https://www.threads.net/@the_sricom