🪐| අඟහරු ලෝකයේ ජීවය පිළිබඳව පර්යේෂණ සඳහා ක්‍රියාත්මක කෙරෙන රොබෝ තාක්ෂණයෙන් නිෂ්පාදනය කරන Exomars නමැති රෝවරයේ තාක්ෂණික අංශයේ ප්‍රධානියා ලෙස ක්‍රියාකරන්නේ ශ්‍රී ලාංකිකයෙකු වෙන මහීලාල් ද සිල්වා මහතාය.
ඔහු මේ ව්‍යාපෘතියේ AIT (Assembly, Integration & Test) ප්‍රධාන කාර්මික ඉන්ජිනේරු ශිල්පියා විදිහට කටයුතු කරනවා.
2020 වසරේදී අඟහරු වෙත යැවීමට සැලසුම් කර තිබූ Exomars රෝවර් ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ අඟහරු ග්‍රහයා මත ජීවය ඇත්දැයි පරීක්ෂා කිරීම ය.
පසුව තවදුරට ත් පරීක්ෂා කිරීම සඳහා කල් ලබා ගනිමින් 2022 වසරේදී අඟහරු වෙත යැවීමට තීරණය කෙරිණි.
එය යුරෝපයෙන් අඟහරු වෙත යැවෙන පළමු රෝවරය වනු ඇත. එය, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය (European Space Agency) සහ රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය වන Roscosmos සමග ඒකාබද්ධව සිදු කිරීමට සැලසුම් කර තිබිණි.
කෙසේ වෙතත්, රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධය ආරම්භ වීමෙන් පසු රුසියාව සමග පැවති එකඟතාව අහෝසි කිරීම නිසා රෝවරය යැවීමේ කටයුතු ප්‍රමාද වී ඇතැයි මහිලාල් ද සිල්වා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, රුසියාව වෙනුවට වෙනත් අභ්‍යවකාශ ඒජන්සියක් සමග ඒකාබද්ධ වීමට මේ වන විට තීරණය කර ඇති බව ය. ඒ අනුව, එය ඉදිරියේදී අඟහරු වෙත යැවීමට සැලසුම් කෙරෙනු ඇත.