🤵♂️👰| Chris Evans and Alba Bapista tie the knot in secret wedding; Avengers co-stars Robert Downey Jr, Jeremy Renner and Chris Hemsworth attend
කැප්ටන් ඇමරිකා චරිතයට පණ පෙවූ ජනප්‍රිය නළු Chris Evans රහසේම විවාහ දිවියට.
42 හැවිරිදි Evans විවහා වී ඇත්තේ 26 හැවිරිදි පෘතුගීසි නිළියක් වන Alba Baptista සමග වේ.
පසු ගිය 9 වනදා (සැප්තැම්බර් 9) මෙම විවාහ මංගල්‍යය ඉතාමත් රහසිගත ලෙස පවත්වා ඇත. සමීපතම පවුලේ අය සහ මිතුරන් පමණක් සහභාගී වූ ඔවුන්ගේ බොස්ටන් නිවසේ මෙම සමීප උත්සවය පවත්වා තිබිණි. මේ සඳහා Avengers හි සම නළුවන් වන අයන් මෑන් ලෙස රඟ දැක්වූ Robert Downey Jr, හෝක් අයි ලෙස රඟ දැක්වූ Jeremy Renner සහ තෝර් ලෙස රංගනයෙන් දායක වූ Chris Hemsworth ද සහභාගි වූ බවට වාර්තා වෙයි.
ඔවුන්ගේ උත්සවය සඳහා සහභාගිව සිටියේ යුවළගේ සමීපතම පවුලේ අය සහ මිතුරන් පමණි.
උත්සවය ඉතාමත් රහසිගතව පැවති බවත්, කෙතරම් රහසිගතව එය පැවතියේද කිව හොත් ඔවුන්ගේ විවාහ උත්සවයට සහභාගි වූ අමුත්තන් NDA ගිවිසුමක් අත්සන් කර ඇති බවත් ඔවුන් හට දුරකථන භාවිතයද තහනම් කල බවට වාර්තා වෙයි. (NDA ගිවිසුමක් හෙවත් non-disclosure agreements යනු නීත්‍යානුකූලව බලාත්මක කළ හැකි කොන්ත්‍රාත්තු වන අතර එය සංවේදී තොරතුරු ඇති පුද්ගලයෙකු සහ එම තොරතුරු වෙත ප්‍රවේශය ලබා ගන්නා පුද්ගලයෙකු අතර රහස්‍ය සම්බන්ධතාවයක් ඇති කරයි. රහස්‍ය සම්බන්ධතාවක් යනු එක් පාර්ශ්වයකට හෝ දෙපාර්ශවයටම එම තොරතුරු බෙදා නොගැනීමේ වගකීමක් ඇත.)
ඔවුන් මීට පෙර ඔවුන්ගේ සම්බන්ධය Instagram හි නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුනි.