Twitter සමාජ මාධ්‍ය ජාලය නිල වශයෙන් X ලෙස නැවත සන්නාමකරණය (rebrand) කරන බවට Elon Musk විසින් නිවේදනය කරයි.

by Srimal

Twitter සමාජ මාධ්‍ය ජාලය නිල වශයෙන් X ලෙස නැවත සන්නාමකරණය (rebrand) කරන බවට Elon Musk විසින් නිවේදනය කරයි.

Share

🐦➡️✖️ | Elon Musk confirms that Twitter will rebrand to “X”

Twitter සමාජ මාධ්‍ය ජාලය නිල වශයෙන් X ලෙස නැවත සන්නාමකරණය (rebrand) කරන බවට Elon Musk විසින් නිවේදනය කරයි.

පසුගිය වසරේ ඔක්තෝබර් 27 වනදා Musk විසින් ඩොලර් බිලියන 44 කට ට්විටර් මිලදීගත් පසු එහි වෙනස් කම් රැසක් ඔහු විසින් කල අතර සමහර වෙනස් කම් හේතුවෙන් ඔහුට දෝශාරෝපණ මෙන්ම twitter සඳහා පාඩුද අත්කර දෙනු ලැබුවා. කෙසේ හෝ මේ වන විට Twitter Inc ලෙස ඇති සමාගම් නාමයද X Corp ලෙස වෙනස් කරන බවත් Twitter වෙනුවට X ලෙස මින් ඉදිරියේදි භාවිතා වන බවත් ඔහු විසින් ප්‍රකාශ කර තිබෙනවා.

X සමාජ මාධ්‍ය ජාලය, කෘතිම බුද්ධිය හෙවත් Artificial Intelligence (Ai) තුළින් බල ගැන්වෙනු ඇති බවටද Twitter සමාගමේ නව විධායක නිලදාරී (CEO) Linda Yaccarino විසින් ප්‍රකාශ කර තිබෙනවා.

මේ වන විට X.com වෙබ් අඩවියට ගිය පසු පරිශීලකයන්ව Twitter වෙතට යොමු කරන ආකාරයෙන් යාවත්කාලීන කර තිබෙනවා.