EGOT Winners | ඊගොට් ජයග්‍රහකයන්

by Srimal

EGOT Winners | ඊගොට් ජයග්‍රහකයන්

Share

අද අපි Sri COM at 7 සෙග්මන්ට් එකෙන් කතා කරන්න යන්නේ එළුවන්ගෙත් (GOAT) එළුවෝ ගැන.

EGOT Winners | ඊගොට් ජයග්‍රහකයන්

G.O.A.T කිව්වම අපි දන්නවා greatest of all time නැත්නම් යම් ක්ශේත්‍රයක ඉන්න විශිෂ්ඨතමයෝ හදුන්වන්නේ එහෙමයි කියලා. එතකොට E.G.O.T?


ඇමරිකාව තුළ විනෝදාශ්වාදය වෙනුවෙන් ලබාදෙන ප්‍රමුඛතම සම්මාන 4ම දිනාගත් පුද්ගලයින් හදුන්වන කෙටි නාමය තමයි මේ.

ඒ සම්මාන තමයි එමී සම්මානය, ග්‍රැමී සම්මානය, ඔස්කාර් හෙවත් ඇකඩමි සම්මානය සහ ටෝනි සම්මානය 

(Emmy, Grammy, Oscar, Tony)

එම සම්මාන 4

මොනයම්ම හෝ අයුරකින් මේ සම්මානය බැගින් සම්මාන හතරම දිනූ පුද්ගලයෙක්  "ඊගොට් විනර්" කෙනෙක් ලෙස හදුන්වන්නේ..

ඇමරිකානු ඉතිහාසයේ මේ ජයග්‍රහණය ලබාගත් පුද්ගලයින් 24 ක් ඉන්නවා.

එයින් 18 ක් තරගකාරීව මෙම සම්මානයන් ලැබූවන්,  අනෙත් 6 මෙයින් එක් සම්මානයක් හෝ ගෞරව සම්මානයක් ලෙස ලදඅයයි.

✅තරගාරීව EGOT ජයග්‍රහණය කල අය..

1️⃣ Richard Rodgers

රිචාර්ඩ් රොජර්ස් තමයි මේ සම්මාන 4ම ලබාගැනීම කියන ඉලක්කය මුලින්ම සම්පූර්ණ කලේ, ඒ 1962 වර්ෂයේදීයි.

▫️Emmy: 

Outstanding achievement in original music composed for television, Winston Churchill: The Valiant Years (1962)

▫️Grammy: 

Best show album (original cast), The Sound of Music (1961)

▫️Oscar: 

Best song, “It Might as Well Be Spring” from State Fair (1946)

▫️Tony: 

Best producer (musical), best original music score, and best musical, South Pacific (1950)


2️⃣ Helen Hayes

මේ සම්මාන 4 ම ලබාගත් පලමු කාන්තාව ඇයයි, මෙම සම්මාන ත්‍රිත්වයක්ම 1953 වනවිට ලබාසිටි ඇය ග්‍රැමී සම්මානය 1977 වසරේ ලබාගෙන මෙම ගෞරවය හිමිකරගත්තා.

▫️Emmy: Best actress, Schlitz Playhouse of Stars: Not a Chance (1953)

▫️Grammy: Best spoken word recording, Great American Documents (1977)


▫️Oscar: Best actress, The Sin of Madelon Claudet (1932)


▫️Tony: Best actress (play), Happy Birthday (1947)

3️⃣Rita Moreno 

4️⃣John Gielgud

5️⃣Audrey Hepburn

6️⃣Marvin Hamlisch

7️⃣Jonathan Tunick

8️⃣Mel Brooks

9️⃣Mike Nichols

🔟Whoopi Goldberg

1️⃣1️⃣Scott Rudin

1️⃣2️⃣Robert Lopez

1️⃣3️⃣Andrew Lloyd Webber

1️⃣4️⃣Tim Rice

1️⃣5️⃣John Legend

1️⃣6️⃣Alan Menken

1️⃣7️⃣Jennifer Hudson

1️⃣8️⃣Viola Davis

✅ තරගකාරී නොවන අංශය යටතේ (Noncompetitive EGOT winners)

Barbra Streisand

Liza Minnelli

James Earl Jones

Harry Belafonte

Quincy Jones

Frank Marshall

මීට අමතරව, මේ මට්ටමට යන්න එක සම්මානයක් පමණක් අඩුවෙන් ඉන්න කාණ්ඩත් තියෙනවා. ඒ කාණ්ඩ G.O.T, E.G.O, E.O.T, E.G.T වැනි නම්වලින් හදුන්වනවා.

✍️ස්වර්ණරේඛා සෙව්වන්දි