The Rock ට ජනාධිපතිවරණය සඳහා දේශපාලන පක්ෂ වලින් ආරාධනා...

by Yashitha Bhashana

The Rock ට ජනාධිපතිවරණය සඳහා දේශපාලන පක්ෂ වලින් ආරාධනා...

Share

🗳| Dwayne “The Rock” Johnson says political parties approached him to run for president

2020 වසරේදී තමන් ජනාධිපති ධුරයට තරඟ කිරීමේ අදහස ඉදිරිපත් කිරීමෙන් පසුව දේශපාලන පක්ෂ ඇත්ත වශයෙන්ම එය බැරෑරුම් ලෙස සැලකූ බවත් එයින් පසු ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට දෙශපාලන පක්ෂ බොහෝමයකින් ආරාධනා ලැබුනු බවටත් Dwayne “The Rock” Johnson පවසා තිබෙනවා. ඒ පසු ගියදා What Now? with Trevor Noah podcast වැඩසටහනට සම්බන්ධ වූ අවස්තාවේදීය. රොක් එතැන් සිට පවසා ඇත්තේ ඔහුගේ ඒ වන විට 5 හැවිරිදි Tiana සහ 7 හැවිරිදි Jasmine යන දියණියන් දෙදෙනාට පියෙකු වීමට කැප වූ නිසා ජනාධිපති ධුරයට තරඟ කිරීම ඔහුට මඟහැරී ගිය බවයි. Wrestling ක්‍රීඩාව නිසා ඇයගේ 22 හැවිරිදි Simone දියණියට පියෙකු වශයෙන් ඔහුගේ වගකීම් නිසියාකාරව ඉටු කිරීමට නොහැකි වීම හේතුවෙන් නැවත වරක් එම වැරැද්ද නොකිරීමට ඔහු තීරණය කල බවයි.