Did you know?

by Yashitha Bhashana

Did you know?

Share

ඔබ දන්නවාද ලෝක ළමා දිනය ඔක්තෝබර් 1 වැනිදා සමරනු ලබන්නේ ශ්‍රී ලංකාව, එල් සැල්වදෝරය සහ ගෝතමාලාව යන රටවල් 3 පමණක් බව?

ලෝක ළමා දිනය දරුවන් වෙනුවෙන් වාර්ෂිකව වෙන් කර ඇති සමරු දිනයක් කියලා අපි හැමෝම දන්න කාරනයක් වුනාට ළමා දිනය එක් එක් රටවල් වල සමරන දින වෙනස් කියල දැනගෙන හිටියද?

1925 දී ජාත්‍යන්තර ළමා දිනය මුල්ම වරට ප්‍රකාශයට පත් කරන ලද්දේ ජිනීවා හි පැවති ළමා සුබ-සාධනය පිළිබඳ ලෝක සමුළුවේදී වන අතර පසුව 1950 සිට ළමා දිනය බොහෝ රටවල ජුනි 1 දින සමරන්නට පටන් ගත්තා. 1954 දී විශ්ව වශයෙන් "සුදුසු" දිනයක් තෝරාගත යුතු බවට තීරණය කළ අතර ඉන්පසුව 1959 නොවැම්බර් 20 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ළමා අයිතිවාසිකම් ප්‍රකාශ කිරීම සිහි කිරීම වෙනුවෙන් විශ්ව ළමා දිනය නොවැම්බර් 20 දින සමරන්නට යෙදුන අතර
අදටත් ඇතැම් කොමියුනිස්ට් රටවල් ජුනි 1 දින ළමා දිනය සමරනවා.

සමහර රටවල එය ළමා දිනය ලෙස නොව ළමා සතිය ලෙස සතියක් වෙන් කර සමරනු ලබන අතර සික් ජාතිකයන් දෙසැම්බර් 20 සිට දෙසැම්බර් 27 දක්වා ළමා සතිය සමරනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ දී ළමා දිනය සමරණු ලබන්නේ සෑම වසරකම ජූනි මස දෙවන ඉරිදාය.

ඉන්දියාවේ ළමා දිනය සමරන්නේ ඉන්දියාවේ පළමු අගමැති වන ජවහර්ලාල් නේරූ මහතාගේ උපන්දිනය වන නොවැම්බර් 14 දා ය.

ගෝලිය වශයෙන් විවිධ ප්‍රභේද්‍යයන් පවතින අතර, එයින් ප්‍රධාන තැනක් ගන්නේ, එක්සත් ජාතීන්ගේ නිර්දේශය මත, නොවැම්බර් 20 දින සැමරෙන විශ්ව ළමා දිනය වෙයි.

ඔක්තෝබර් 1 වැනිදා වෙනත් රටවල සමරණු ලබන්නේ ලෝක වැඩිහිටි දිනය වේ.