හැරී පොටර් රූගත කිරීම් අතරතුර අනතුරකදී අංශභාග තත්ත්වයට පත්වූ ශිල්පියා වෙනුවෙන් වාර්තා වැඩසටහනක් නිර්මාණය කරයි.

by Yashitha Bhashana

හැරී පොටර් රූගත කිරීම් අතරතුර අනතුරකදී අංශභාග තත්ත්වයට පත්වූ ශිල්පියා වෙනුවෙන් වාර්තා වැඩසටහනක් නිර්මාණය කරයි.

Share

🎬| Daniel Radcliffe has produced a documentary about his Harry Potter stunt double, who was paralysed while filming.🧑‍🦼

Harry Potter පළමු චිත්‍රපටයේ සිට හැරී පොටර් චරිතය රඟදැක්වූ Daniel Radcliffe වෙනුවෙන් ත්‍රාසජනක ක්‍රියාදාම හා අනතුරුදායක දර්ශනයන් සිදු කල stuntman හෙවත් ක්‍රියාදාම නළු David Holmes අවාසනාවන්ත ලෙස Harry Potter and the Deathly Hallows: Part 1 චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී 2009 වසරේදී සිදුවුණ අනතුරක් හේතුවෙන් කොඳු ඇටපෙලට හානි වී ජීවිතාන්තය දක්වා අංශභාග තවත්වයට පත් වෙනවා.

මෙම සිද්ධිය පාදක කරගෙන හැරී පොටර් නළු ඩැනියෙල් රැඩ්ක්ලිෆ් විසින් David Holmes හට ගෞරවයක් වශයෙන් David Holmes: The Boy Who Lived නමින් Documentary හෙවත් වාර්තාමය චිත්‍රපටයක් නිශ්පාදනය කර තිබෙනවා. මෙහි නිර්මාණ කටයුතු සඳහා වසර 4ක කාලයක් ගත වී තිබෙන අතර එහි Daniel Radcliffe සහ David Holmes ගේ සම්මුඛ සාකච්ඡා සහ David විසින් කරන ලද රූගත කිරීම් අතරතුරදී සිදු කල ක්‍රියාදාමවල වීඩියෝ පටද අඩංගු බවට වාර්තා වෙනවා.

David ජිම්නාස්ටික් ක්‍රීඩකයෙකු වන අතර පළමු හැරි පොටර් චිත්‍රපටයට දායක වන විට ඔහු 11 වැනි වියේ පසු විය.
ක්‍රියාදාම නළුවෙකු වීම සහ හැරි පොටර් චරිතය සඳහා රඟදැක්වීම තමන් ජීවිතයේ ලද හොඳම රැකියාව බවට David Holmes විසින් ප්‍රකාශ කර තිබෙනවා.

නොවැම්බර් 15 වෙනිදා HBO හරහා මෙම වාර්තාමය චිත්‍රපටය විකාශය වීමට නියමිතය.