Deadpool චිත්‍රපටයේ රහසිගත චරිතයක් සඳහා හැරී පොටර් නළු ඩැනියෙල් රැඩ්ක්ලිෆ් සම්බන්ධ වී ඇති බවට වාර්තා.

by Yashitha Bhashana

Deadpool චිත්‍රපටයේ රහසිගත චරිතයක් සඳහා හැරී පොටර් නළු ඩැනියෙල් රැඩ්ක්ලිෆ් සම්බන්ධ වී ඇති බවට වාර්තා.

Share

📣| Daniel Radcliffe has been cast in ‘Deadpool 3’ for a secret role.

Harry Potter නළු Daniel Radcliffe Deadpool 3 චිත්‍රපටයේ රහසිගත චරිතයක් සඳහා තෝරාගෙන ඇති බවට Hollywood වල ප්‍රසිද්ධ Insider කෙනෙකු වන Daniel Ritchtman විසින් වාර්තා කර තිබෙනවා.
2019 වසරේ සිට Daniel Radcliffe වුල්වරීන් ලෙස කාස්ට් කිරීමට සුදුසු බවට රසිකයන් විසින් අන්තර්ජාලය තුල මත පල කර අතර එම මතය නැවත වරක් කටකතාවක් ලෙස පසු ගිය වසරේ Deadpool අයිතිය නැවත Marvel Studios වලට ලැබීමෙන් පසු Deadpool 3 චිත්‍රපටයේ වුල්වරීන් සඳහා Daniel සම්බන්ධ වන බවට කට කතා පැතිර ගියත් 2022 වසරේ අගෝස්තු මස ඔහු විසින් එය “කට කතාවක්ම පමණක්” බව තහවුරු කරනු ලැබූ අතර Hugh Jackman නැවත Wolverine ලෙස Deadpool 3 සඳහා නිළ වශයෙන් සම්බන්ද වීමත් සමඟ එය කටකතාවක්ම පමණක් බවට තහවුරු වූ අතර, නැවතත් පසු ගියදා Deadpool 3 චිත්‍රපටයේ අධ්‍යක්ශක Shawn Levy විසින් Hugh Jackman අවසන් වරට වුල්වරීන් ලෙස දැකගත හැක්කේ Deadpool 3 චිත්‍රපටයෙන් බවට කල ප්‍රකාශයෙන් පසුව අද දිනයේදී Daniel Ritchtman ප්‍රකාශ කර තිබෙන්නේ Daniel Radcliffe රහසිගත චරිතයක් සඳහා Deadpool 3 චිත්‍රපටයට සම්බන්ද වී ඇති බවයි. MCU හි වර්තමානයේ දිවෙන Multiverse සංකල්පය හේතුවෙන් Daniel Radcliffe එම චිත්‍රපටයට තෝරාගෙන ඇත්නම් එය බොහෝ දුරට Wolverine Varient කෙනෙකු වීමේ සම්භාවිතාවක් ඇති බවට වාර්තා වෙයි.