කොකා-කෝලා වල කෝකේන්?

by Pasindu Herath

කොකා-කෝලා වල කෝකේන්?

Share

අද #SriCOMat7 සෙග්මන්ට් එකෙන් කතා කරන්නේ ලෝකේ ජනප්‍රියම පානය Coca Cola ගැන කොකා කෝලා වල කොකේන් මත් ද්‍රව්‍ය අඩංගු වෙලා තිබුණ බව දැනත් හිටියද?🥤💊 කොකාකෝලා මුල් වරට නිපදවන්නේ 1885 දී John Pemberton කියන ඇමරිකන් ජාතික ඖෂධවේදියා අතින්.ඒ කතාව පොඩ්ඩක් රසවත්. ඇමරිකාවේ ඒ දවස්වල ඇතිවුණු සිවිල් යුධ තත්ත්වය නිසා ජෝනුත් හමුදා සේවයට එක්වෙනවා. 1865 වසරේ ජෝර්ජියා වල කොලම්බස් නගරයේ ඇති වුණු සටනේදී (Battle of Colombus) ජෝන් දැඩි ලෙස තුවාල ලබනවා. මේ නිසා ඔහුගේ වේදනාව අඩු කරන්න මෝර්ෆින් ලබාදුන්න.හැමෝම දන්නවා ඇති මොර්ෆින් කියන්නේ හොඳ වේදනා නාශකයක් කියලා. ඔය දෙවන ලෝක යුධ කාලයේදී වුණත් සොල්දාදුවන් තුවාල ලබනකොඩ මෝර්ෆීන් වලින් වේදනාව අඩු කරගන්න ප්‍රයෝජනවත් වුණා. ජෝන්ටත් වේදනාකාරී තුවාල ලබපු නිසා මෝර්ෆින් ලබදුන්නට පස්සේ ජෝන් මෝර්ෆින් වලට ඇබ්බැහි වෙලා තියෙනවා. ජෝන් කියන්නේ හමුදාවේ හිටියට ඖෂධවේදීයෙක්. මේ නිසා ජෝන් තීරණය කරනවා තමනගේ මෝර්ෆින් ඇබ්බැහිය සහ වේදනාව සමනය කරන්නත් එක්ක විවිධ බෙහෙත්, පාන වර්ග නිර්මාණය කරන්න. 1885 දී ජෝන් රතු වයින් වලට කෝලා ඇට (Kola Nuts) සහ කොකා (Coca) ගහේ පත්‍ර/ පොතු වලින් පානයක් හදනවා. කෝලා ඇටවල කැෆේන් අඩංගුයි. 1886 දී ජෝන් පෙම්බර්ටන් මේ රෙසිපියෙන් හදපු අලුත් පානය "Pemberton's French Wine Coca" කියලා ප්‍රසිද්ධ කරලා නිෂ්පාදනය පටන් ගන්නවා.මේ කාලෙදි කොකේන් කියන්නේ නීත්‍යානුකූල ඖෂධයක්. කොහොම වුණත් පස්සේ මේකේ ඇල්කොහොල් තියන නිසා නීතිමය ප්‍රශ්න ආවා. මේ නිසා ජෝන්ට මේකට සීනි මිශ්‍ර සිරප් එකතු කරලා පානය හදන්න සිදු වුණා. ඒ වගේම Kola ඇට නිසා C අකුරෙන් Cola කියලා දාලා නම Coca Cola කියලා රීබ්රැන්ඩ් කරා. කොහොම වුණත් මේ පානයේ මුල් කාලයේ ජෝන් විවිධ ආබාධ වේදනා සමනය සඳහා විකුණලා තියෙනවා. හැබැයි ඒ කොකා කෝලා වල රසදිය සහ ඊයම් වගේ බැරලෝහ අඩංගු වෙලා තිබිලා තියෙනවා. සමහර වාර්තා තියෙනවා රෙසිපියේ කොකේන් 3.5 g ක් විතර අඩංගු වුණා කියලා. තවත් අය කියන්නේ එච්චර ප්‍රමාණයක් තියෙන්න විදියක් නෑ කියලා. කොහොම වුණත් මුල්ම කොකා කෝලා වල කොකේන් තිබිලා තියෙනවා. Asa Chandler කියලා තවත් ඖෂධවේදියෙකු ජෝන්ගෙන් මේ බ්‍රෑන්ඩ් නේම් එකයි, සම්පූර්ණ කොකා කෝලා නිෂ්පාදන හිමිකමයි මිලදී ගන්නවා. ඊට පස්සේ ඔහු 1903 වගේ වෙනකොට කොකේන් මේ රෙසිපියෙන් අයින් කරනවා. ඔහු මේක කිසිම ඖෂධමය අගයක් නැති පානයක් විදියට සමාජගත කරලා හැමෝටම බොන්න පුළුවන් නිෂ්පාදනයක් කරනවා. ඒ කොහොම වුණත් කොකේන් සුළු ප්‍රතිශතයක් කොකා කෝලා ෆෝමියුලා එකේ තිබිලා තියෙනවා.විවිධ බලපෑම් නිසා 1929 වෙනකොට සම්පූර්ණයෙන්ම කොකේන් කොකාකොලා මිශ්‍රණයෙන් ඉවත් කරන්න සමාගම කටයුතු කරනවා. Coca Cola රෙසිපිය කව්රුවත් දන්නේ නෑ, කොකා කෝලා රෙසිපිය දන්න පුද්ගලයෝ දෙන්නයි ඉන්නේ.ඒ දෙන්නට එකම ගුවන් යානයක යන්න බෑ. රෙසිපියට කියන්නේ 7X Flavour කියලා. ඒ වගේම රෙසිපිය සෙප්පුවක ආරක්ෂා සහිතව තබලා තියෙනවා.ඒ වගේම පවුලේ උරුමය අනුව ඒ රෙසිපිය හිමිවෙන බවත් සඳහන්.කව්රුවත් දන්නේ නෑ මොනවද අඩංගු ද්‍රව්‍ය කියලා.ඔයාලා අහලා තියෙන ඔන්න ඔය කතන්දර ටික තියෙන්නේ "God, Country and Coca Cola" කියන පොතේ. ඔය පොතේ තමයි ඔය අභිරහස් රෙසිපිය ගැන තියෙන්නේ. ඒ නිසා සමහර හිතනවා තවමත් කොකේන් මේ ෆෝමියුලා එකේ තියෙන්න පුළුවන් කියලා. තවත් අදහසක් තමයි මේ කොකා කෝලා රහසිගත රෙසිපිය කියන්නේ සම්පූර්ණ මාකටින් උපක්‍රමයක් කියලා. 2022 වසරේ දී එලොන් මස්ක් ට්වීට් එකක් දැම්මා කොකා කෝලා වල ඉස්සර තිබුන වගේ කොකේන් තිබ්බ නම් හොඳයි කියලා. මේකට සෑහෙන්න අන්තර්ජාලය ඇවිලිලා ගියා. කොකා කෝලා සමාගම තරයේ කියන්නේ ඔවුන් කොකේන් කිසිදාක පානයට අඩංගු කරලා නෑ කියලා. ඒක සමහර විට ඇත්ත වෙන්න පුළුවන්. මොකද ජෝන් මුලින් කොකේන් එකතු කරාට පස්සේ චැන්ඩ්ලර් සමාගම අරගෙන අලුත් විදියට 1930 න් පස්සේ පටන් ගත්තට පස්සේ ඔවුන් කොකේන් මිශ්‍ර කරන්න නැතිව ඇති. ඒ වගේම ඒ ප්‍රකාශය බොරු වෙන්නත් පුළුවන්.අපි දන්නේ නෑ. මොකද ඔය මස්ක්ගේ සිද්ධිය එන්න කලින් ඉඳන්ම fact check වලින් ගොඩක් දේවල් අයින් කරා මේ සම්බන්ධව තිබුණු. මං දාපු මේ පෝස්ට් එකත් fact check වලින් බොරු කියලා කියන්න පුළුවන්. හැබැයි පැහැදිලිවම මුල් කාලයේ කොකේන්, කොකා කෝලා මිශ්‍රණයේ අඩංගු වෙලා තියෙනවා. ඒ බව National Institute of Drug Abuse ආයතනය විසිනුත් පවසනවා කියලා සඳහන්. පළමු වැනි රූපයේ තියෙන්නේ ජෝන් මේක පළවෙනි වතාවට "Pemberton's French Wine Coca" කියලා දැන්වීමක් දාපු එක. දෙවන පින්තූරේ ඉන්න ජෝන් සහ කොකා කෝලා කියලා නම වෙනස් කරාට පස්සේ. මේ පෝස්ට් එකේ සාරාංශය වෙන්නේ කෝකා කෝලා මුල් කලායේ රෙසපියේ සත්‍ය වශයෙන්ම කොකේන් අඩංගු වෙලා තියෙනවා කියන එක. Fact Check වලිනුත් ඒ බව නෑ කියන්නේ නෑ. නමුත් ඒ ප්‍රමාණය සුළු ප්‍රමාණයක් සහ දැන් එහෙම කොකේන් අඩංගු නෑ කියලා තමයි කියන්නේ. අද වෙනකොට කොකා කෝලා කියන්නේ ලෝකේ පුරා තියන ප්‍රසිද්ධම පානය. විශාල බහුජාතික සමාගමක්. වැඩි දෙනෙක් ඇබ්බැහි වෙලා ඉන්න සොෆ්ට් ඩ්‍රින්ක් එකක්.