අද අපි Sri COM at 7 සෙග්මන්ට් එකෙන් කතා කරන්න යන්නේ ටිකක් බර මාතෘකාවක් ගැන..
සිනමාව සහ රසාස්වාදය
කාලෙකට පස්සෙ ටිකක් බර මාතෘකා ටිකක් ගැන කතා කරන්න හිතුනා. ප්‍රධානම දේ මේ දවස් වල Geek World එකේ බහුතරයක් හොඳ සිනමාවක් ගැන ආපහු වැඩිපුර කතා කරන්න අරගෙන තියෙන එක. කාලෙන් කාලෙට එන එක එක විදියෙ Trends එක්ක මිනිස්සු සිනමාව එක එක විදියට අඳුරගත්තා.
ඉතින් අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු😌
ඔයා සිනමාව දකින්නෙ කොයි විදියට ද ?
සිනමාවකින් නිරූපණය වෙන්න ඕන මොන වගේ දේවල්ද ?
ඔය කියන දෙකටම එකිනෙකට වෙනස් අර්ථ නිරූපණයන් ගොඩක් තියෙන්න පුලුවන්. ඒක තමයි එකිනෙකාගෙ රසවින්දනය. සමහර විට කෙනෙක්ට කියන්න පුලුවන් සිනමාවෙන් වෙන්න ඕනෙ මිනිස්සුන්ගෙ තියන pressure එක release කරන එක කියල. ඒකත් විවිධාකාරයි. මිනිස්සු තමන්ගෙ pressure එක release කරගන්නෙ තමන්ට ආවේණික වුන එකිනෙකට වෙනස් විදි වලින්.
එතකොට ඇත්තටම සිනමාවකින් මොකක්ද වෙන්න ඕන?
සිනමාව කියන්නෙ මේ හැමදේම. ඒ කියන්නෙ සිනමාව ඇතුලෙ මිනිස්සුන්ට තේරාගැනීම් තියෙන්න ඕනෙ. සිනමාව ලෝකයේ හැම පොදු කරුණක්ම වගේම හැම මනුස්සයෙක්ම නියෝජනය කරන්න ඕනෙ. හැබැයි ඒක යම් සීමාවක් ඇතුලෙ රඳාපවතින්න ඕනෙ.
ඒ ගැන අපි හිමීට කතාකරගන යමු😉
සිනමාව කියන දේ මෙන්න මේකයි කියල එකතැනකට ලඝු කරල කතා කරන්න බෑ. සිනමාවකින් නිරූපණය වෙන්න ඕන මෙන්න මේකයි කියල අපිට කතා කරන්න බෑ. හැබැයි අපිට පුලුවන් එක එක සිනමාවෙන් නිරූපණය වෙන දේවල් කතා කරන්න. ඒ කියන්නෙ මෙහෙමයි,
අපිට තර්ක කරන්න බෑ සිනමාවකින් කතා කරන්න ඕනෙ පුළුල් ජීවන දර්ශනයක් එහෙම නැත්නම් සමාජයේ සංකීර්ණ මාතෘකාවක් විතරයි කියල. හැබැයි අපිට පුලුවන් ඒ ඒ සිනමාවෙන් කතා කරන සමාජ දර්ශයන් ගැන කතා කරන්න. කෙනෙක් කැමති වෙන්න පුලුවන් සංකීර්ණ මාතෘකා ගැන නිරූපණය වෙන සිනමාවක් රසවිඳින්න. ඒ වගේම තව කෙනෙක් Fantasy Genre එකට අයත් සිනමා නිර්මාණ විතරක් රසවිඳින්න කැමති වෙන්න පුලුවන්. හැබැයි කාටවත් කියන්න බෑ තමන් රසවිඳින එක විතරයි සිනමාව කියන්නෙ කියල. උදාහරණයක් විදියට අපිට සිනමාව ඇතුලෙ විවිධ ශානරයන් තියෙනවා එහෙම නැත්නම් genres. Documentary, Biography, Comedy, Action, Thriller, Fantasy,Sci-Fi, Anime,Animation, Cartoon මේ වගේ විවිධ විදියට අපිට වෙන්කරල කියන්න පුලුවන්. ඉතින් මේ විවිධ Genres නිරූපණය කරන්නෙ වෙනස් මාතෘකාවන් කිහිපයක්. එතකොට කාටවත් තර්ක කරන්න බෑ මේ කියන දේ හොඳයි මේ කියන දේ නරකයි කියල. මොකද අපි ගොඩක් සරලයි කියල අයින්කරන දේකින් සංකීර්ණ මාතෘවක් කතා කරනව වෙන්න පුලුවන්.
එතකොට මොකක්ද මේ රසාස්වාදය කියල අපිට කතා කරන්න තියෙන්නෙ ?
රසාස්වාදය කියන්නෙ යම්කිසි නිර්මාණයක් ඇතුලෙ අපේ කියවීම. එහෙම නැත්නම් තේරෙනම විදියට කිව්වොත් මොකක්ම හරි දෙයක් අපි entertain කරන විදිය. ඉතින් මේ කියන රසාස්වාදය එකිනෙකාට වෙනස්. සිනමාව, සාහිත්‍ය වගේ මේ මොනම දෙයක් ගත්තත් එකිනෙකාගෙ රසවිඳීම කියන්නෙ වෙනස්වෙන fact එකක්. ඉතින් මේක ගැන අපිට තර්ක කරන්න බෑ අපි බලන ඒවා අපි enjoy කරන ඒවා තමයි හොඳම කියල.
හැබැයි ඕනම කෙනෙක්ට තව දෙනෙක්ගෙ opinions වගේම මේ රසාස්වාදය නැත්නම් appreciation කියන දේ criticize කරන්නත් පුලුවන්. හැබැයි ඒකත් තමන්ගෙ opinions හැමවෙලේම හරි කියල පෙන්නන්න නෙවේ. හරි facts එක්ක නිවැරැදිව buildup වුන criticism එකක් වෙන්න ඕන.තව විදියකට කිව්වොත් constructive critisism කියලත් අපිට කියන්න පුලුවන්. කව්රු හරි කෙනෙක් personally අකමැති වුනා කියල විතරක් අපිට criticize කරන්න යන්න බෑ.
ඉතින් මේ කියන මාතෘකා හැම එකක් ඇතුලෙම යම්කිසි limit එකක් තියෙනවනෙ. දැන් අපි යං මුලින්ම මං කිව්ව සිනමාව ඇතුලෙ තියෙන්න ඕන කිව්ව limit මොනවද කියල බලන්න.
ප්‍රධානම දේ තමයි මොනම දෙයක් වුනත් too much උනොත් ඒ දේ මිනිස්සුන්ට එපා වෙන්න ගන්නවා. ඉතින් මේ කියන දේම සිනමාවට වගේම හැම දේකටම අදාලයි. සිනමාව පැත්තෙන් ගත්තොත් එකම plot type එකක් එකම වගේ climax එකක් දිගින් දිගටම continue උනොත් audience එකට එපා වෙන්න ගන්නව. ඒක හරියට LGBTQ + , Black Lives Matter මාතෘකා වගේම superhero සහ horror categories වල movies වගේ. මේ කියන හැම දෙයක්ම audience එකේ majority එක මේ වෙද්දි reject කරමින් යන මාතෘකා වෙලානෙ. අපි මීට කලිනුත් LGBTQ මාතෘකා ගැන කතා කරල තියන නිසා ආය ආයෙම ඒ ගැන කතා කරන්න යන්නැතුව superhero සහ horror categories වලට වෙලා තියන අව්ල ගැන පොඩ්ඩක් බලමු.
ඇත්තටම මේ වෙද්දි මේ categories දෙකේ දැනට ඇතිවෙලා තියන ලොකුම අව්ල තමා මේ දෙවර්ගයෙම plot මේ වෙද්දි predictable වගේම boring වෙලා තියන එක. එකම විදියෙ scenes එක්ක climax වල ලොකු excitement එකක් නැතිවීම මේ categories දෙකේම මේ වෙද්දි තියන පොදු ප්‍රශ්නයක් වෙලා.ඒ වගේමයි ඉතින් Black, lgbtq characters වගේම feminism වගේ තේරුමක් නැති දේවල් plot අස්සට රිංගවන්න යන එකත් මේ තියන අව්ලට එක ප්‍රධාන හේතුවක්.
මේ කියන ගොඩක් මාතෘකා මේ වෙද්දි සිද්ධ වෙන්නෙ trends සහ agendas වලට කියන දේ නොදන්න කෙනෙක් නැති තරම්නෙ. අපි මීට කලින් Art එක සහ Cult එක කියල ගෙනාව article එකෙත් මේ trends ගැන කතා කරානෙ. ඉතින් මේ කියන කිසිම දේකින් සිනමාව සහ රසාස්වාදය කියන දේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නෙත් නෑ. හැබැයි ඉතින් කාලෙන් කාලෙට එලියට එන මේ trends සහ මේ මාතෘකා හින්ද ගොඩක් අය සිනමාවට දෙන අර්ථකථන එහෙමනං වෙනස් වෙනවා. ඒ හින්දම තමා මං මුලින්ම සිනමාව කියන්නෙ මොකක්ද කියල විස්තර කරගෙනම පිලිවලට මේක build up කරගෙන ආවේ.
ඉතින් මෙතනින් එහාට මේක boring කරන්න යන්නැතුව දැන් මේක ඉවර කරල දාන්නම්. Finally ඉතින් හැමදාම වගේ කියන්න තියෙන්නෙ entertain කරන්න තියන දේවල් entertain කරන්න aggressive නොවී. එක එක්කෙනාට එක එක විදියෙ කියවීම් තියෙන්න පුලුවන්. ඒවා ගැන කතා කරන්න තියන හොඳම විදිය තමා constructive critisism කියන්නෙ.
ඉතින් එහෙනං වෙනදා වගේම මේ පට්ට boring හෑල්ල කියවපු උන්ට ස්තුති වේවා❤
සෑහෙන කාලෙකින් article එකක් ලිව්වෙත්🙂
එහෙනං ඉතින් මං ගිහින් එන්නං😌
Stay Awesome Homies
මං Admin වෑකන්දෙ කලුපතිරණ😌