Chrome වෙබ් බ්‍රව්සරයේ ඩයිනෝ රන් ක්‍රීඩාව අවසන් කිරීමට නම් වසර මිලියන 17 ක් එක දිගට ක්‍රීඩා කල යුතුයි - ගූගල් සමාගම

by Yashitha Bhashana

Chrome වෙබ් බ්‍රව්සරයේ ඩයිනෝ රන් ක්‍රීඩාව අවසන් කිරීමට නම් වසර මිලියන 17 ක් එක දිගට ක්‍රීඩා කල යුතුයි - ගූගල් සමාගම

Share

🦖🏜️Chrome වෙබ් බ්‍රව්සරය සමඟ එන ඩයිනෝ රන්!🏜️🦖


Google Dino Run, Chrome dino Run නැත්නම්
T- rex game එක කියලත් ගොඩක් අය මේ ක්‍රීඩාව හදුන්වනවා. ගූගල් සමාගම විසින් වැඩිදියුණු කල මේ කුඩා ක්‍රීඩාව ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය භාවිතා කරන ඕනෑම කෙනෙක් අනිවාර්‍යෙන් දැකලා ඇති, එයින් යම් පිරිසක් එක් වරක් හෝ ක්‍රීඩා කරලත් ඇති..

මේ කුඩා ඩයිනසෝරයා Lonely T-Rex නැත්නම් " හුදෙකලා ටී- රෙක්ස්" ලෙසයි නම් කර තිබෙන්නේ.

මෙම ගේම් එක සදහා T rex කෙනෙක් යොදා ගෙන ඇත්තේ “වර්තමානයේ අන්තර්ජාල පහසුකම් නොමැතිවීම යනු ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වීමකට සමාන බව” හාස්‍ය ජනකව ඉඟි කිරීමටයි.

අවසානයක් නොමැති ගේම් එකක් ලෙස මෙය වර්ගීකරණය වුවත්,වසර මිලියන 17 ක් එක දිගට තරගකල හැකි ක්‍රීඩාවක් ලෙස මෙය නිමවා ඇති බවයි සදහන් වෙන්නේ...

“අපි මෙම ක්‍රීඩාව වසර මිලියන 17 ක් ක්‍රීඩා කල හැකි ලෙසයි වැඩිදියුණු කර තිබෙන්නේ. එනම් ටී රෙක්ස් වර්ගයේ ඩයිනසෝරයන් මිහිමත ජීවත්වූවා යැයි සැලකෙන කාලපරාසයයි. නමුත් ඒ වෙද්දී ඔබේ කීබෝඩයේ ස්පේස් බටනය පෙර පරිදි පවතී යැයි අපි හිතන්නේ නෑ..”

මෙහෙම කියන්නේ මෙම ක්‍රීඩාවේ නිර්මාතෲ වරයෙකු වන එඩ්වර්ඩ් විසින්

2014 වසරේ තමයි මෙම ගේම් එක නිර්මාණය වෙලා තියෙන්නේ, ඒ Chrome Ux team එක අතින්, සෙබස්තියන් ගේබ්‍රියෙල්, ඇලන් බේට්ස්, එඩ්වර්ඩ් ජන්ග් වැනි වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරුවන් ඒ සදහා දායක වී තිබෙනවා.

▫️ක්‍රීඩාකරන අයුරු

අන්තර්ජාල පහසුකම් නොමැති විට Chrome web browser එක තුළ දකින්න ලැබෙන මේ ගේම් එක අන්තර්ජාල පහසුකම් යටතේ වුවත් ක්‍රීඩා කල හැකියි.

අන්තර්ජාල පහසුකම් ඇතිවිටෙක chrome://dino
හෝ chrome://network-error/-106 ලෙස සර්ච් කිරීම තුළින් මෙම ගේම් එක තිරය මතට ලබාගත හැකිය.එසේම ඔන්ලයින් ගේම් එකක් ලෙසත්, වෙනත් තරගකරුවන් සමග තරග වැදීමේ හැකියාවද තිබෙනවා.

සාමාන්‍යෙන් අන්තර්ජාල පහසුකම් නොමැති අවස්තාවල ක්‍රෝම් සෙවුම් එන්ජිම තුළ දිස්වන මෙම ඩයිනෝසර් රුව මත ටච් කිරීමෙන් හෝ පරිඝනකයක නම් ස්පේස් බටනය එබීම තුලින් මෙම ක්‍රීඩාව ඇරඹිය හැකියි,

▫️ක්‍රීඩාව පිළිබඳව..

තිරයේ දකින්න ලැබෙන මෙම පික්සල් වලින් සැදුම්ලත් ටී රෙක්ස් වර්ගයේ ඩයිනසෝරයා බාධක අතරින් ඉදිරියටම ගෙනයාමයි මෙහිදී කලයුතු වන්නේ.

කැටස් පදුරු සහ වෙනත් බාධක උඩින් පැනීමට දුරකතනයක නම් ටච් කිරීමක්ද, පරිඝනකයක ඒ සදහ arrow key භාවිතා කිරීමද සිදුකරනු ලබනවා.

කාලය සමග ඩයිනෝසරයාගේ දුවන වේගය වැඩිවෙමින් තරගය අසීරුවීම සිදුවෙනවා.

බාධකයක ගැටුණ පසුව තරගය අවසන්වීම සිදුවෙනවා. තරගකරු ලකුණු700 පසුකර ලබාගත් විට පසුබිම අදුරු පැහැයට හැරීම නැතිනම් රාත්‍රීකාලය සහිත පසුබිමක් දර්ශනය වීම සිදුවෙනවා.

ක්‍රෝම් බ්‍රවුසරය භාවිතා කරන පිරිස මසකට මිලියන 270ක පමණ සම්පූර්ණ වාර ගණනක් මෙම ක්‍රීඩාවේ නිරතවන බව වාර්තා අනුව පැවසෙනවා. ..

මෙම ක්‍රීඩාවට අවසානයක් නැතත් 99,999 ට පසු පළවෙනි මට්ටම අවසන් වී ලකුණු පුවරුව 0 දක්වා නැවත යතාවත් වන බවත් සදහන්..

✍️සටහන: ස්වර්ණරේඛා සෙව්වන්දි • ශ්‍රී කොම්

SriCOM #SriCOMat7