ඉන්ටර්ස්ටෙලර් නිකුත් වී අදට වසර 9යි.

by Yashitha Bhashana

ඉන්ටර්ස්ටෙලර් නිකුත් වී අදට වසර 9යි.

Share

🗓| Christopher Nolan’s Interstellar released 9 years ago today. 👨‍🚀🌑🚀🪐

සිනමා ඉතිහාසයේ නිර්මාණය වූ විශිෂ්ඨතම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් ලෙස සැලකෙන IMDb දර්ශකයේ ලොව හොඳම චිත්‍රපට ලැයිස්තුව ලෙස සලකන IMDb Top 250 ලැයිස්තුවේ 22 ස්ථානයේ පසුවන Christopher Nolan විසින් අධ්‍යක්ශනය කරන ලද Interstellar චිත්‍රපටය නිකුත් වී අදට වසර 9ක් සපිරේ.

ඇ.ඩො මිලියන 165 ක පිරිවැයකින් නිෂ්පාදනය වූ මෙම චිත්‍රපටය ලොවපුරා සමස්ත බොක්ස් ඔෆිස් ආදායම ඇ.ඩො මිලියන 715ක් ලබාගෙන තිබෙනවා.

එමෙන්ම මෙම චිත්‍රපටය Oscars හෙවත් Academy, Golden Globe ඇතුළු ප්‍රධාන සම්මාන උළෙලවල් 16කදී විවිධ වූ කාණ්ඩ යටතේ සම්මාන 38ට නිර්දේශ වී ඒවායින් 12ක් ජයග්‍රහණය කිරීමට ද සමත් වී තිබෙනවා.

මෙම චිත්‍රපටයෙහි කළු කුහර නිර්මාණයට සහ විද්‍යාත්මක න්‍යායන් 2017 වසරේ භෞතික විද්‍යාව සඳහා නොබෙල් සාම ත්‍යාගය දිනාගත් භෞතික විද්‍යාඥයෙකු වන Kip Thorne විසින් නිර්මාණය කරන ලද අතර ඔහු විසින් The Science of Interstellar නමින් ග්‍රන්ථයක්ද චිත්‍රපටයට සමගාමිව නිකුත් කරන ලදී.