👑| Christopher Nolan crowned Best Director of the Last 25 Years by Rotten Tomatoes Fans
Denis Villeneuve පරදවමින් පසු ගිය වසර 25 තුල බිහි වූ හොඳම අධ්‍යක්ශකවරයා බවට ක්‍රිස්ටෝපර් නෝලන් පත් වෙයි.
සුප්‍රසිද්ධ චිත්‍රපට විචාරක වෙබ් අඩවියක් වන Rotten Tomatoes වෙබ් අඩවියට වසර 25 ක් සපිරීම හේතුවෙන් පසුගිය වසර 25 තුල නිකුත් වූ චිත්‍රපට කතා මාලා සහ අධ්‍යක්ශකවරු අතරින් විශිෂ්ඨතම චිත්‍රපට 25 සහ කතාමාලා 25 මෙන්ම පසු ගිය වසර 25 තුලදී බිහි වූ විශිෂ්ඨතම අධ්‍යක්ශක වරයාද තේරීම සදහා රසිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී තිබුන අතර එහිදී චිත්‍රපට අතරින් එම ලැයිස්තුවේ පළමු ස්ථානය ලබා ගැනීමට Christopher Nolan විසින් අධ්‍යක්ශනය කල The Dark Knight චිත්‍රපටය සමත් වී තිබූ අතර කතාමාලාවන් අතරින් පළමු ස්ථානයට පත්ව ඇත්තේ Breaking Bad බවට අප විසින් වාර්තා කලා ඔබට මතක ඇති.
පසු ගිය වසර 25 තුලදී බිහි වූ විශිෂ්ඨතම අධ්‍යක්ෂකවරයා හෝ අධ්‍යක්ෂකවරිය තේරීම සඳහා අධ්‍යක්ෂකවරුන් සහ වරියන් 64ක් එම ලැයිස්තුවට ඇතුලත් කර තිබූ අතර පියවර 5කින් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් එම ජයග්‍රහණය Christopher Nolan හට ලැබුනු අතර එහි දෙවන ස්ථානය ලබාගත්තේ Arrival, Dune වැනි චිත්‍රපට අධ්‍යක්ශනය කල Denis Villeneuve විසිනි. Nolan විසින් අනෙකුත් සියළුම අධ්‍යක්ශකවරුන්ට වඩා 87% පමණ ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කල අතර Denis සමඟ අවසානයේදී 56% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන පළමු ස්ථානයට පත්ව තිබුනි.
එහි අධ්‍යක්ශකවරු/වරියන් 64 අතර හොඳම චිත්‍රපටය සඳහා ඔස්කාර් සම්මානය පළමු වතාවට විදෙස් චිත්‍රපටයක් සඳහා හිමි කරගත් Parasite චිත්‍රපටයේ අධ්‍යක්ශක Bong Joon-ho, ඔස්කාර් සම්මාන ලද Get Out වැනි Horror චිත්‍රපට අධ්‍යක්ශකවරයෙකු වන Jordan Peele සහ තවත් හොරර් චිත්‍රපට අධ්‍යක්ශක වරයෙකු ලෙස ප්‍රසිද්ධ James Wan සහ ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වූ වගේම Barbie චිත්‍රපටයේ අධ්‍යක්ශක Greta Gerwig සහ විශේෂයෙන්ම පසු ගිය කාලයේ Thor: Love and Thunder චිත්‍රපටය හේතුවෙන් ප්රේක්ෂකයන්ගේ සහ විචාරකයන්ගේ මහත් අපකීර්තියට ලක් වූ Taika Waititi වැනි අධ්‍යක්ශකවරු සහ වරියන් ඇතුලත්ව සිටියහ.
සමහරුන්‍ට අනුව සියවසයේ බිහිවූ ලොව විශිෂ්ටතම අධ්‍යක්ශක Zack Snyder එම ලැයිස්තුවේ නොමැති වීම හාස්‍යට කරුණකි. එම ලැයිස්තුව සඳහා Zack Snyder තේරී සිටියේනම් ඔහුගේ රසිකයන් හෙවත් Snyder Botsලා විසින් නිසැකයෙන්ම ඔහුව එහි පළමු ස්ථානය දක්වා ලෙහෙසියෙන්ම රැගන යනු ඇති.