වතුකරයේ තරුණ තරුණියෝ පිරිසක් පැය 24ක් අඛණ්ඩව නර්තනයේ යෙදෙමින් ලෝක වාර්තාවක් තබයි.

by Yashitha Bhashana

වතුකරයේ තරුණ තරුණියෝ පිරිසක් පැය 24ක් අඛණ්ඩව නර්තනයේ යෙදෙමින් ලෝක වාර්තාවක් තබයි.

Share

💃| වතුකරයේ තරුණ තරුණියෝ පිරිසක් එක්ව පැය 24ක් අඛණ්ඩව නර්තනයේ යෙදෙමින් ලෝක වාර්තාවක් තබයි.🕺


පැය 24 ක් අඛණ්ඩව නර්තයේ යෙදෙමින් ඉන්දියාවෙන් ක්‍රියාත්මක කරන චෝලන් ලෝක වාර්තා පොතට එක්විමට වතුකරයේ තරුණයන් 07 දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකු (31) දින සමත්විය.
මෙම තරුණ තරුණියන් පිරිස වයස අවු 16 – 26 වයස් කාණ්ඩ වල පසුවන අය අතර, එම 09 දෙනා හැටන් ප්‍රදේශයේ නර්තන පුහුණු ආයතනයක පුහුණුව ලැබු පිරිසක් බවයි එම වාර්තාව පිහිටුවිම සංවිධානය කල පිරිස කියා සිටියේ.
චෝලන් ලෝක වාර්තා පොතේ මෙරට නියෝජිත සි.නාගවාණි රාජා මහතාගේ අධික්ෂණය යටතේ (30) දින උදැසන 8 සිට (31) දින උදැසන 8 දක්වා පැය 24 ක කාලයක් හැටන් ඩන්බාර් ක්‍රිඩාංගණයේ ක්‍රිඩා සංකිර්ණයේ එම තරුණ තරුණියන් පිරිස සිය නර්තනයන් ඉදිරිපත් කරනු ලැබුහ.
නර්තනයේ යෙදි සිටි තරුණ තරුණියන්ට කොටස් වශයෙන් විවේක ගැනිමට සහ ආහාර අනුභව කිරිමට සුළු විවේක කාලයක් ලබාදිමට චෝලන් අධික්ෂණ කමිටුවේ නිලධාරින් කටයුතු කෙරිණ.