🎬| Chennai, Bengaluru offices declare holiday on Rajinikanth film Jailer's release day, offer free tickets to employees
රජිනිකාන්ත් ප්‍රධාන චරිතය රඟදක්වන නවතම චිත්‍රපටය වන ‘Jailer‘ චිත්‍රපටය නිකුත් කිරීම හේතුවෙන් පසු ගිය 10 වනදා ඉන්දියාවේ තමිල්නාඩු සහ කර්ණාටක ප්‍රාන්තවල සමාගම් සහ කාර්යාල රැසක්ම නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව චෙන්නායි හා බැංගලෝර් හි කාර්යාල රැසක්ම එදින වසා තිබූ අතර Jailer චිත්‍රපටය නැරඹීම සඳහා සමාගම් කිහිපයක්ම සිය සේවකයින් හට නොමිලේ ටිකට්පත් ලබා දී ඇති බව ද වාර්තා වනවා.
සමාජමාධ්‍ය හරහා රසිකයන් මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ අනෙකුත් නළුවන් චිත්‍රපට නිවාඩු දින වල නිකුත් කරන අතර රජිනිකාන්ත් චිත්‍රපටය නිකුත් කරන දිනය නිවාඩු දිනයක් බවට පරිවර්තනය කරගන්නා බවයි.