ඉන්දීය නිළි තමන්නා නැරඹීමට ගොස් තෙරපී යාපනයේ පිරිසක් රෝහල් ගත කරයි

by The Sri COM

ඉන්දීය නිළි තමන්නා නැරඹීමට ගොස් තෙරපී යාපනයේ පිරිසක් රෝහල් ගත කරයි

Share

🏥| Chaos Erupts at Hariharan’s Jaffna Concert.
ජනප්‍රිය ඉන්දීය නිළියක් වන තමන්නා භාතියා නැරඹීමට ගොස් තෙරපී යාපනයේ පිරිසක් රෝහල් ගත කරයි.
ඉන්දියාවේ ප්‍රවීණ සංගීතඥයෙකු වන හරිහරන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) රාත්‍රියේ යාපනය ‘මුට්‍රවෙලි’ ක්‍රීඩාංගනයේ දී පැවැත්වූ ප්‍රසංගය නැරඹීමට ඉතා විශාල පැමිණි ප්‍රේක්ෂකය සංඛ්‍යාවක් පැමිණීම හේතුවෙන් අධික තදබදයක් ඇති වී තිබෙනවා.
ප්‍රසංගයට පැමිණි තමන්නා භාතියා නැරඹීමට පොලිස් ආරක්ෂක රැකවල් ද බිඳ දමමින් ප්‍රේක්ශක පිරිස ප්‍රසංග භූමියට ඇතුළු වී තිබෙන අතර
මෙහිදී ප්‍රසංගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් රැසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර පොලිසිය මැදිහත් වී තත්ත්වය සමථයකට පත් කර තිබෙනවා.
මෙම ප්‍රසංගය සඳහා රුපියල් 25,000, 7,000 සහ 3,000 ලෙස විවිධ මිල ගණන් යටතේ ප්‍රවේශ පත්‍ර අලෙවි කර ඇති අතර සිටගෙන නරඹන්නන් සඳහා නොමිලේ ප්‍රසංගය නැරඹීමට අවස්ථාව සලසා දී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මෙම ප්‍රසංගය සඳහා සහභාගී වන නළුනිළියන් සමඟ ආහාර ගැනීමට සහ ඡායාරූප ගැනීමට රුපියල් 30,000ක් අය කිරීමටද පියවර ගෙන ඇති බව වාර්තා වනවා.