Cartoon Network ආරම්භ කර අදට වසර 31යි.

by Yashitha Bhashana

Cartoon Network ආරම්භ කර අදට වසර 31යි.

Share

🗓| Cartoon Network launched 31 years ago today.📺

අතිශය ජනප්‍රිය Cartoon Network නාළිකාව ආරම්භ කර අදට වසර 31 සපිරෙයි.

1992 වසරේ ඔක්තෝබර් පළමුවැනිදාට යෙදුන ලෝක ළමා දිනයට සමගාමීව Ted Turner විසින් ආරම්භ කරන ලද සජිවීකරණ කාටුන් කතාමාලාවන් පමණක් විකශය වන Cartoon Network කේබල් රූපවාහිණී නාළිකාව ආරම්භ කර අදට වසර 31 සපිරෙයි.

වර්තමානයෙහි මෙහි හිමිකාරිත්වය Warner Bros. Discovery Network සමාගම විසින් දරන අතර පසු ගිය වසරේ මෙහි හිමිකාරිත්වය Warner Bros. Discovery Network සමාගමට හිමි වූ පසු බොහෝ දෙනා අන්තර්ජාලය තුල සැරිසැරූ කටකතා හේතුවෙන් R.I.P Cartoon Network යනුවෙන් පෝස්ට් ශෙයාර් කර අතර.. WB ආයතනය පැවසුවේ Cartoon Network නාලිකාව නවත්වන්නේ නැති බවත් Warner Bros. Animation සමඟ වෙනම division එකකට ගන්නා අතර වෙන වෙනම ලේබල් යටතේ නිර්මාණ පැමිණෙන බවටයි.

පුරා වසර් 31ක් තුල බොහෝමයක් කාටුන් කතාමාලාවන් මෙම නළිකාවේ විකාශය වී ඇති අතර Cartoon Network විසින් එම ලේබලය යටතේ කාටුන් බොහෝමයක් නිර්මාණය වි ඇති අතර එයින් Ben 10, Dexter’s Laboratory, The Powerpuff Girls, Transformers: Animated සහ Generator Rex යන සජිවීකරණ කාටුන් කතාමාලාවන් ඉතාමත් ජනප්‍රියයි.

ඔයාල කැමතිම CN කාටුන් එක මොකක්ද?