🦸🏿♂️| Captain America: Brave New World lead actor Anthony Mackie blasts the Harry Potter and Lord of the Rings franchises for their lack of diversity.
මාවල් සිනමා විශ්වයේ නව කැප්ටන් ඇමරිකා වන Captain America: Brave New World චිත්‍රපටයේ ප්‍රධාන නළු ඇන්තනි මැකී Harry Potter සහ Lord of the Rings චිත්‍රපට වල කළු ජාතිකයින් නොමැති වීම හේතුවෙන් තමන් දුක් වන බවට ප්‍රකාශ කරයි.
අතිශය ජනප්‍රිය සහ ප්‍රශංසනීය ෆැන්ටසි චිත්‍රපට මාලාවන් දෙක පුරා කළු ජාතික නළු නිළියන් නොමැති වීම ගැන තමන් දුක් වන බවට Anthony Mackie විසින් ප්‍රකාශ කරයි.
හැරී පොටර්ට කළු ජාතික මිතුරන් සිටියේ නැති බවත් ෆ්‍රෝඩෝ මුළු විශ්වය පුරා ඇවිද ගිය අතර කිසි දිනෙක කළු ජාතිකයෙකු හමු නොවූ බවටත් mackie විසින් චෝදනා කරයි.
“Harry Potter had no f—ing Black friends. Frodo walked across the entire universe and never met a Black dude. I want to see Frodo in the hood, which if I ever do Saturday Night Live is going to be a skit I’m going to do,”
Harry Potter චිත්‍රපට මාලාව තුළද ප්‍රමාණවත් තරම් කළු ජාතිකයින් චරිත ඉදිරිපත් නොකිරීම හේතුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ විමර්ශනයට ලක්ව ඇත. Harry Potter හි වඩාත්ම කැපී පෙනෙන කළු තාරකාවන් වූයේ pure-blood wizard කෙනෙකු වන Kingsley Shacklebolt ලෙස රඟපෑ ජෝර්ජ් හැරිස් සහ Hogwarts Witchcraft and Wizardry පාසලේ Gryffindor ශිෂ්‍යයෙකු වන ඩීන් තෝමස් ලෙස පෙනී සිටි Alfred Enoch ය. කෙසේ වෙතත්, හැරී පොටර් චිත්‍රපට අට පුරාවටම හැරිස් සහ ඉනොක්ගේ භූමිකාවන් ඉතා සුළු දෙබස් සහිත ධාවන කාලයෙන් ඉතාමත් අඩු විය. මීට අමතරව, චිත්‍රපට සහ පොත් කොකේසියානු නොවන සංස්කෘතීන් අනිසි ලෙස හසුරුවන බවටත්, ඒවායේ සුදු ජාතිකයින් පමණක් වැඩියෙන් ඇති බවටත් චෝදනා එල්ල විය.
Anthony Mackie විශ්වාස කරන්නේ මෙම චිත්‍රපට කළු ජාතික නළුවන් සහ වෙනත් වර්ණයෙන් සහ ජාතිකත්වයෙන් යුත් පුද්ගලයින් සමඟ ඒකාබද්ධ වී වඩා හොඳ වනු ඇති බවයි.
කළු ජාතිකයින්ගේ නිරූපණය සම්බන්ධව ඔවුන්ගේ සැක සංකා ගැන දැනුවත්ව සමහරවිට Max streaming සේවාව හරහා නිකුත් වීමට නියමිත හැරී පොටර් කතා මාලාව හරහා දේවල් නිවැරදි කිරීමට බලාපොරොත්තු වන බවට වාර්තා වෙයි.
වාර්තා වන පරිදි, Harry Potter reboot කතා මාලාවේ නළු නිළියන්ගේ මෙන්ම තිර රචකයන් පවා වෙනත් ජාතිකයින් වැඩියෙන් යොදාගැනීමට සූදානම් වන බවට වාර්තා වෙයි, insider කෙනෙකු වන Jeff Sneider විසින් Hot Mic Podcast එකට සමබන්ධ වෙමින් ප්‍රකාශ කළේ තිරය පිටුපස සිටින පුද්ගලයින් මෙය කිරීමට “සාමූහික උත්සාහයක්” ගන්නා බවයි.