"Canon Event" 2023 වසරේ ජනප්‍රියම ස්ලැන්ග් වචනය බවට ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝශය නම් කරයි.

by Menuka Risith

"Canon Event" 2023 වසරේ ජනප්‍රියම ස්ලැන්ග් වචනය බවට ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝශය නම් කරයි.

Share

Spider-Man: Across the Spider-Verse චිත්‍රපටය හරහා ජනප්‍රිය වූ Canon Event යන වචනය 2023 වසරේ ජනප්‍රියතම Slang Word එක ලෙස Oxford ශබ්දකෝශය විසින් නම් කර තිබෙනවා.

අනිවාර්යයෙන්ම සිදු විය යුතු දෙයක් ඒ ආකාරයෙන්ම සිදු වීම Canon Event යනුවෙන් හැඳින්වෙයි.
උදාහරණ:
▫️සෑම Spider-Man කෙනෙකුගේ සමීපතම කෙනෙකු මිය යෑම අන්කල් බෙන්/ආන්ට් මේ/ Gwen

ලංකාවේ අපි නිතරම දකින දේකින් උදාහරණයක්:
▫️විශ්ව විද්‍යාල සිසුන්ගේ ලැප්ටොප් පරිගණකය සහිත කළු පැහැති බෑගය නැති වීම.

Slang Word එකක් කියන්නේ කථන භාශාවට සමාජය විසින් පාවිච්චි කරන ආදේශක වචන වේ. වැඩි දුර තේරුම් ගැනීම සඳහා සිංහල භාශාවේ ඇති Slang Word සඳහා උදාහරණ කිහිපයක් පහතින්:

▫️කබරයා දැමීම: බීමත් පුද්ගලයන් වමනය කිරීම.
▫️ඉත්තෑවා: කොච්චර පැරදුනත් ක්‍රිකට් ක්‍රීඩාව නරඹන රසිකයන්.
▫️හඳට යනවා: ගංජා පානය කිරීම
▫️කඩ්ඩ: ඉංග්‍රීසි භාශාව
(ඔයාලත් දන්න මතක් වුන Slang Word කමන්ට් එකකින් දාගෙන යමු)