👩🎓| British university offers master’s degree in Magic and Occult Science. 🏫🎓🪄🧙♀️📜
ලොව පළමු වරට “මැජික් සහ ගුප්ත විද්‍යාව” පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවක් බ්‍රිතාන්‍යයේ Exeter විශ්ව විද්‍යාලය විසින් ආරම්භ කරයි.
එංගලන්තයේ Exeter විශ්ව විද්‍යාලය “මැජික් සහ ගුප්ත විද්‍යාව (Magic and Occult Science)” නමින් නව පශ්චාත් උපාධි පාඨමාලාවක් දියත් කර ඇති අතර එය 2024 දී ආරම්භ කරයි.
ඉතිහාසය, සාහිත්‍යය, දර්ශනය, පුරාවිද්‍යාව, සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව, නාට්‍ය හා ආගම ග්‍රීසියේ සහ රෝමයේ මැජික්, යුදෙව් ආගමේ, ක්‍රිස්තියානි ධර්මයේ සහ ඉස්ලාමයේ අද්භූත ග්‍රන්ථ, මායා කර්මයේ ඉතිහාසය, සාහිත්‍ය සහ ජනප්‍රවාදයේ මැජික් විද්‍යාවේ සහ වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය සහ තවත් ගුප්ත විෂයයන් මෙම උපාධිය යටතේ ආවරණය කෙරෙන බවට එම පාඨමාලාවේ ප්‍රධාන මහාචාර්‍ය Emily Selove ප්‍රකාශ කර තිබෙනවා.
පාඨමාලාව සඳහා පළමු කණ්ඩායම 2024 සැප්තැම්බර් මාසයේදී නියමිතයි. එක්සත් රාජධානියේ සිසුන් සඳහා වසරක වැඩසටහන පූර්ණ කාලීනව හැදෑරීමට බ්‍රිතාන්‍ය පවුම් 12,000ක් ශ්‍රී ලංකා මුදලින් රු: 4,739,223 (හතලිස් හත් ලක්ෂ තිස් නව දහස් දෙසිය විසි තුනක්) වන අතර ජාත්‍යන්තර සිසුන්ට බ්‍රිතාන්‍ය පවුම් 24,300ක් ශ්‍රී ලංකා මුදලින් 4,739,223 (හතලිස් හත් ලක්ෂ තිස් නව දහස් දෙසිය විසි තුනක) මුදලක් අය කරනු බවට වාර්තා වෙයි.
ලොව ජනප්‍රිය මායාකර්ම ඇතුලත් චිත්‍රපට මාලාවක් වන Harry Potter චිත්‍රපට මාලාවට පාදක එම පොත් වල කතෲ J. K. Rowling මහත්මිය Exeter විශ්ව විද්‍යාලයේම “ප්‍රංශ සහ සාම්භාව්‍ය” පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගෙන තිබීමද විශේෂත්වයක්.