බ්‍රසිලියානු කාන්තාවක් ශාන්ත ඇන්තනි ශාන්තුවරයා යැයි රැවටී Lord of the Rings චිත්‍රපටමාලාවේ Elrond හට වසර ගණනාවක් වන්දනාමාන කරයි.

by Srimal

බ්‍රසිලියානු කාන්තාවක් ශාන්ත ඇන්තනි ශාන්තුවරයා යැයි රැවටී Lord of the Rings චිත්‍රපටමාලාවේ Elrond හට වසර ගණනාවක් වන්දනාමාන කරයි.

Share

☕️| Brazilian woman prays to “Lord of the Rings” elf for years, mistaking it for saint

අවුරුදු ගනණාවක් තිස්සේ Lord of the Rings චිත්‍රපට මාලාවේ Elrond ගේ සෙල්ලම් අනුරුවකට වන්දනාමාන කල වයසක කාන්තාව.

බුදුරදුන්ගේ පිළිරුවක්යැයි රැවටී වසර ගණනාවක් පිලිපීන කාන්තාවක් විසින් කාටුන් චරිතයක් වන Shrekගේ පිළිරුවකට වන්දනාමාන කිරීම ගැන මීට පෙර අප විසින් ඔබට දැනුම් දුන්නා මතක ඇති. මේ ඒ ආකාරයේම තවත් සිදුවීමක්.

බ්‍රසීලියානු ජාතික Dona Nely නම් වයස්ගත කාන්තාවක් කතෝලික ආගමික නායකයෙකු වන පෘතුගීසි ජාතික ශාන්ත ඇන්තනි සාන්තුවරයාගේ පිලිරුවක් යැයි රැවටී Lord of the Rings චිත්‍රපට මාලාවේ දක්නට ලැබුන Elrond නම් Elfගේ සෙල්ලම් අනුරුවකට (Action Figure) අවුරුදු ගණනාවක් වන්දනාමාන කර ඇති අතර ඇයගෙ මිනිබිරිය මේ ගැන ඇයට පැවසුවත් පලමු අවස්තාවෙදි මේ ගැන විශ්වාස කර නැති අතර ශාන්ත ඇන්තනී ශාන්තුවරයාගේ හරි පිළිරුවක් ගෙනැවිත් ඇයට තේරුම් කල පසු එය පිළිගෙන තිබෙනවා.

Dona Nely විසින් ඇය වසර ගණනාවක් රැවටී වන්දනාමාන කල Lord of the Rings චිත්‍රපටමාලාවේ Elrond ගේ අනුරුව සහ ඇයට ලැබුණු අළුත් ශාන්ත ඇන්තනී සාන්තුවරයාගේ පිළිරුව අතැතිව.
Dona Nely විසින් ඇය වසර ගණනාවක් රැවටී වන්දනාමාන කල Lord of the Rings චිත්‍රපටමාලාවේ Elrond ගේ අනුරුව සහ ඇයට ලැබුණු අළුත් ශාන්ත ඇන්තනී සාන්තුවරයාගේ පිළිරුව අතැතිව.