Black Panther 2 : Wakanda Forever නැවතත් අතරමග නවතී

by Uvindu Rajapakshe

Black Panther 2 : Wakanda Forever නැවතත් අතරමග නවතී

Share

Black Panther 2 : Wakanda Forever Shooting location එකක් වෙන Atlanta වල මේ වෙද්දි Omicron ආසාදිතයන් වැඩි වීම තමයි මේකට හේතු වෙලා තියෙන්නෙ. Atlanta වල Omicron වැඩි වීමත් එක්ක Black Panther 2 film Crew එකේ කිහිප දෙනෙක්ටම Omicron ආසාදිත වෙලාලු මේ වෙද්දි.


ඒ අතරින් දැනට වාර්තා වෙන විදියට Nakia , Aka Lupita Nyong’o ඇතුලු Cast එකේ කහිප දෙනෙකු ඇතුලු production crew එකේ කිහිප දෙනෙකුටත් Omicron ආසාදිත වෙලා කියල මේ වෙද්දි තහවුරු වෙලාලු. ඉතින් ඒ හේතුව නිසා තමයි ප්‍රධාන වශයෙන් Black Panther 2 Film එකේ වැඩකටයුතු නැවත නවතාදමන්න තීරණය කරලා තියෙන්නෙ

ඒ විතරක් නෙවේ Shuri Aka Letitia Wright Covid Vaccine ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් මේ Omicron ව්‍යාප්තිය එක්කම නැවත වතාවක් කතාබහට ලක්වෙලාලු තියෙන්නෙ. ඉතින් මේ කියන හේතු නිසා Black Panther 2 නැවත වතාවක් අතරමග නවතා දමන්න වෙලා තියෙනවා

දැනට වාර්තා වෙන විදියට නම් අපිට මේ අවුරුද්ද අගදි එහෙම නැත්නම් Date Fixed කරලා කිබුන විදියට November 11 වෙනිදට Black Panther 2 නරඹන්න බැරි වෙයිලු. Film එකේ Release Date එක 2023 වෙනකන් දීර්ඝ වෙයි කියල තමයි දැනට ලැබෙන ආරංචි වලින්නම් කියවෙන්නෙ